ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 වර්ෂයේ අගභාගයේ දී විවෘත කරන ලද කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය රුපියල් මිලියන 111ක වියදමකින් ඉදි කරන ලද්දකි. මෙහි වර්තමාන තත්ත්වය පිළිබ`දව සොයා බැලීම ස`දහා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඊයේ (05* නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නිරීක්ෂණයෙන් අනතුරුව දක්නට ලැබුණේ කුටි 40කින් සමන්විත මෙම ආර්ථික මධ්‍යස්ථානයේ අද වන විට ක්‍රියාත්මක වන්නේ කුටි 04ක් පමණක් බවයි. ඒ අනුව මෙම ආර්ථික මධ්‍යස්ථානය වෙනත් අරමුණු ස`දහා යොදා ගත හැකිද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පියවර ගන්නා බව ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.