උතුරු පළාත් ආණ්ඩුකාරවරයා චිත්‍රපට අධ්‍යක්ෂ භාරතීරාජා මහතා හමුවෙයි

උතුරු පළාතේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ (12) චිත්‍රපට අධ්‍යක්ෂ භාරතීරාජාගේ ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමියට ගොස් අධ්‍යක්ෂවරයා සමඟ කෙටි සාකච්ඡාවක නිරත විය.

උතුරු පළාතේ චිත්‍රපට කර්මාන්තය ගැන උනන්දුවක් දක්වන තරුණ තරුණියන් සඳහා භාරතීරාජා ජාත්‍යන්තර චිත්‍රපට ඇකඩමිය හරහා තිර රචනා පුහුණුවක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා එහිදී අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියේය.