උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද්විතීයික සිසුන් සඳහා ඉංග්‍රීසි සන්නිවෙදන කුසලතා- සහතික ප්‍රධානෝත්සවය

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංෂයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛභාශා අධ්‍යාපන ආයතනයේ සම්බන්ධීකරණය සමග ද්විතියික සිසුන් සඳහා ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා- සහතික ප්‍රධාන උත්සවය 19.12.2022 වන දින ප.ව 11.00 උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාද ,උතුරු පළාත් අධයාපන අමාත්‍යාංෂයේ ලේකම්වරයාද,අධ්‍යාපන අමාත්‍යාංෂයේ ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්වරයාද,අධ්‍යාපන අමාත්‍යාංෂයේ ප්‍රධාන ගණකාධිකාරිතුමාද,යෞවන කටයුතු අංශයේ සහකාර ලේකම්වරයාද, යාපනය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාද, යාපනය සහ කිලිනොච්චිය ඉංග්‍රීසි විෂයභාර සහකාර අධ්‍යක්ෂතුමන්ද සහ ඉංග්‍රීසි භාෂා උපදේෂකවරුන්, ගුරුවරුන්, සිසුන්  සහභාගී විය.

පොල් තෙල් පහන් දෙල්වීමේ පුණ්‍යෝත්සවයෙන් අනතුරුව යාපනය සහ කිලිනොච්චිය ඉංග්‍රීසි විෂයභාර සහකාර අධ්‍යක්ෂතුමන් විසින් පිළිගෙනීමේ කථාවක් පවත්වන ලදි. පැය 90වක් ආවරණය වන මෙම පාඨමාලාවට කිලිනොච්චි දකුණු කලාපයේ සිට සිසුන් 16ක්ද යාපනය හින්දු බාලිකා පාසලේ සිට සිසුන් 16ක්ද ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සිසුන් 14 ක්ද සහභාගි විය.ඉන් අනතුරුව සිසුන් විසින් ඉංග්‍රීසි සන්නිවේදන කුසලතාව වර්ධනය කිරීමේ වැඩසටහනක්ද පැවෙත්වේ.

ඉන් අනතුරුව අදහස් දැක්වූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංෂයේ ලේකම්තුමා ඉංග්‍රීසි භාශාවේ වැදගත්කම සහ සිංහල භාෂා ඉගෙනගැනීමේ වැදගත්කම වෙන කරුණු ප්‍රකාශ කල අතර සිසුන් සහ ගුරුවරුන්ට ප්‍රශංෂා කර ස්තුති පුද කළේය.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත  අමුත්තා ලෙස සහභාගි වූ උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා “ ගුරුවරුන් අධ්‍යාපනය ලබා දෙන සම්පත් වන අතර අධ්‍යාපනය වර්ධන කිරීමට ඔවුන්ගේ සහය අවශ්‍යයයි ලෙසත් රටක දරුසම්පත ධනයක් ලෙසත් පැවෙසු අතර උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කය ඉංග්‍රීසි භාෂා දැනුමෙන් ඉහළ මට්ටමෙන් සිටින අතර අනෙක් දිස්ත්‍රික්කවලිනුත් ඉංග්‍රීසි භාෂාව වර්ධනය කල යුතුය.ජයග්‍රහණයට මූලික වන්නේ විනය වන අතර සිසුන් තමන්ගේ කුසලතා සහ විනය වර්ධනය කලයුතුය  ලෙස පැවැසිය.තවද අපිරිසිදු වී ඇති උතුරු පළාත පිරිසිදු කල යුතුයි ලෙසත් එම ක්‍රියාව පාසල් මට්ටමේ සිට ආරම්භකල යුතු ලෙස පැවෙසූ එතුමා සහතික ලබා ගත් සිසුන්ටත් මගපෙන්වූ ගුරුවරුන්ටත් ප්‍රශංෂා සහ ස්තුතිය පුද කලේය.

 උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියොජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂගේ ස්තුති කථාව සමග  මෙම උත්සවය පෙ.ව 1.00 ට අවසන් වේ.