උතුරු පළාතට නව පත්වීම් දෙකක්

උතුරු පළාත් ක්‍රිඩා අධ්‍යක්‍ෂක වරයා වශයෙන් බාලන් මුහුන්දන් මහතා 26 වන දින උතුරු පලාත් ආණ්ඩුකාර කර්යාලයේදී වැඩ බාර ගන්නා ලදි. ඒ මහතා මෙයට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජලජීවී හිටපු නියෝජ්‍ය අධ්‍යයක්ෂක වරයා වශයෙන් කටයුතු කරන ලදි.
එමෙන්ම එහිදී පළාත් පරිවාස හා ළමාරක්ශණ සේවා දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් කොමසාරිස් වරයා වශයෙන් රාජේන්ද්‍රන් ගුරුබරන් මහතා වැඩ බාර ගන්නා ලදි. ඒ මහතා හිටපු ක්‍රිඩා අධ්‍යයක්ශක වරයෙකු වශයෙන් සේවය කොට තිබේ. උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එස්. සත්‍යසීලන් මහතා අතින් මෙම පත්වීම් ප්‍රධානය කරන ලදී.