උතුරු පලාතේ සංවර්ධනය සඳහා ස්විස්ටර්ලන්තය රජයේ පූර්ණ සහය

උතුරු පලාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ස්විස්ටර්ලන්ත රජයේ පූරණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ඔලිවියර් ප්‍රාස් (OLIVIER PRAZ) මහතා පවසයි.
උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳ සොයාබැලීමට පැමිණි ඒ මහතා උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය හමු වූ අවස්ථාවේදී මේ බව පැවසීය. හමුව යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද දින සිදුවිය.
උතුරු පලාත තුල පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු මෙන්ම ජනතාවගේ පොදු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු විය.
උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳව ආණ්ඩුකාරතුමිය ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා වෙත කරුණු පෙන්වා දෙන ලදි.
එම කටයුතු සඳහා ස්විසටර්ලන්ත රජයේ පූර්ණ සහය ලබාදෙන බව ස්වස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානියා මෙහිදී පැවසීය.