උතුරු පලාතේ පරිසර නගර අලංකරණය සඳහා විශේෂ වැඩසටහනක් රුක් රෝපණ වැඩසටහනකුත් ඒ අතර.

උතුරු පලාතේ නගරාශ්‍රිත ප්‍රදේශ පරිසර දූෂණයෙන් තොර මානව හිතවාදී නගර ලෙස ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනක් යාපනය දිස්ත්‍රීක්කයෙන් ආරම්භ වෙයි.

නගරයේ කැලිකසල ඉවත් කිරීම කුනු අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා බහාලුම් සථාපිත කිරීම මෙන්ම නගරාශ්‍රිත ප්‍රදේශවල රුක් රෝපණ වැඩසටහනක්ද අද (22) දින ආරම්බ වූවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

යාපනය දිස්ත්‍රීක්කයේ නගරාසන්න ප්‍රදේශවල පැල දහසක් සිටුවීම යාපනය නල්ලූර් තිරුනෙල්වේලි ප්‍රදේශයෙදී ක්‍රියාවට නංවූ අතරම යාපනය කෝපායි ප්‍රදේශයේදී කැලි කසල බහාලුම් නගරසභා සේවකයින් වෙතට භාර දීම උතුරු පලාත් ආණ්ඩුකාර තුමියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මේ සඳහා උතුරු පලාත් ආණ්ඩුකාර් කාර්යාලය සමගින් උතුරු පලාත් සභාව පලාත් පලාන ආයතනයන්ද එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවයි.