උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි.

උතුරු පලාතේ අබාධිත ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන එම ජනතාවට සහන සැලසීම සඳහා උපරිම සහය ලබාදෙන බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි.

යුද්දය හා ස්වභාවික හේතූන් මත උතුරු පලාතේ විශාල ආබාධිත ජනතාවක් වව්නියාව, මන්නාර, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන් දිස්ත්‍රීක්කයන්හි ජීවත්ව සිටින අතර ඔවුන්ගේ අවශ්‍යතා සහ පහසුකම් හඳුනාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුලු ඊට අනුබද්ධිත රජයේ ආයතන සමග සාකච්ඡා කොට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවටයි ආණ්ඩුකාර තුමිය පවසා සිටියේ,

යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පලාත් ආබාධිත සංගමය සමග අද පැවති සාකච්ඡාවේදී ආණ්ඩුකාර තුමිය මේ බව පවසා සිටියාය.

මෙම සාකච්ඡාව සඳහා ආබාධිත සංගමයේ නිලධාරීන් පිරිසක් ඇතුලු රජයේ ආයතන ප්‍රධානීන්ද එක්ව සිටියහ.