උතුරු පලාතේ 14 වන ක්‍රීඩා උළෙල අබිමානවත් ලෙස උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී අද (06) පෙරවරුවේ ආරම්භ විය.
උතුරු පලාතේ පාසල් 651 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් කොට්ඨාශ හා කලාප ජයග්රහන වලින් පසුව පලාත් ක්‍රීඩා ඉසව් සඳහා ඉදිරිපත් වෙයි. වව්නියාව , යාපනය, මුලතිව්, කිලිනොච්චිය සහ මන්නාරම යන දිස්ත්‍රීක්කවලට අයත් අධ්‍යාපන කොට්ඨාශ 35 ක අධ්‍යාපන කලාප 13 කට අයත් 5000 කට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ක්‍රීඩා උළෙලට සම්බන්ධ වන බව පලාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
තරඟ ඉසව් 120 ක් පමණ පැවත්වෙන 14 වන උතුරු පලාත් ක්‍රීඩා උළෙල අද දින සිට ලබන 10 වනදා දක්වා පැවත්වෙයි. එසේම මෙවර ක්‍රීඩා උළෙලේ අලුත් ක්‍රීඩා ඉසව් 08 ක් හඳුන්වා දීම විශේෂත්වයකි.
මෙවර පලාත් ක්‍රීඩා උළෙලට පෙර තරඟ පවත්වා නිමාකල ඉසව් කීපයක ජයග්‍රාහකයින් වෙත පදක්කම් හා ජය සංඛේත ප්‍රධානය කිරීම උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිරිනැමීය.
උතුරු පලාත් ප්‍රධාන ලේකම් එමස්.එම්. සමන් බන්ධුලසේන මහතා ඇතුලු අධ්‍යාපන නිලධාරීන් සහ ක්‍රීඩා නිලධාරීන් ඇතුලු ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
https://i.imgur.com/9lGN19l.jpg
https://i.imgur.com/HH8gh0W.jpg