උතුරට නව දුම්රිය සේවා දෙකක්

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා නව දුම්රිය සේවා දෙකක් අද (02* සිට උදැසන සහ රාතී‍්‍ර ගමන් වාර ලෙස ක‍්‍රියාත්මක වන බවට යාපනය දුම්රිය ස්ථානාධිපති ආර්. ප‍්‍රදීපන් මහතා ස`දහන් කළේය. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන නව දුම්රිය සේවා දෙක ඊයේ (01* උදැසන සහ රාත‍්‍රියේ ආරම්භ කළ බවත් ඊයේ (01* සිට එම සේවාව දිනපතා ලබා ගත හැකි බවත් වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
දුම්රිය අංක 4082 සහ දුම්රිය අංක 4088 යන දුම්රිය හරහා මෙම සේවාව පහත පරිදි ක‍්‍රියාත්මක වේ.
දුම්රිය අංක 4082 – යාපනය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වේ. (අලූයම දුම්රිය *
අලූයම 6.25 – යාපනයෙන් පිටත්වීම – අලූයම 7.43 කිලිනොච්චියට ළ`ගා වීම
උදැසන 9.02 – වවුනියාවට ළ`ගා වීම – සවස 4.00 කොළඹ කොටුවට ළ`ගා වීම

දුම්රිය අංක 4088 – කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වේ (සවස දුම්රිය *
සවස 5.40 කන්කසන්තුරෙන් පිටත් වීම – උදැසන 6.16 යාපනය දුම්රිය ස්ථානයට ළ`ගා වීම
උදැසන 6.40 යාපනයෙන් පිටත් වීම – අලුයම 4.00 කොළඹට ළ`ගා වීම

මේ වන විටත් සේවයේ යොදවා ඇති රාත‍්‍රී දුම්රිය සවස 6.00 ට කන්කසන්තුරෙන් හා රාත‍්‍රී 7.00 ට යාපනයෙන් පිටත් වන අතර අද සිට එය රාත‍්‍රී 7.30 ට කන්කසන්තුරෙන් පිටත් වී රාත‍්‍රී 8.10 ට යාපනයට ළ`ගා වේ. පසුව එය රාත‍්‍රී 8.25 ට යාපනයෙන් පිටත් වී අලූයම 4.40 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළ`ගා වනු ඇත .
කොළඹ සිට පළමු දුම්රිය සේවාව ඊයේ පෙරවරු 8.50ට ආරම්භ වූ අතර සවස 6.31 ට යාපනය දුම්රිය ස්ථානයට පැමිණෙන ලදී . මෙම දුම්රිය සවස 3.25 වන විට වව්නියාව දුම්රිය ස්ථානයටත් සවස 4.56 වන විට කිලිනොච්චි දුම්රිය ස්ථානයටත් ළ`ගා වේ. මෙම සේවාව තුළ ගාස්තු සාමාන්‍ය ලෙස අය කෙරෙන බවත් මෙමගින් විශාල සේවක පිරිසකට ප‍්‍රතිලාභ ලැබෙන බවත් දුම්රිය ස්ථානාධිපතිවරයා පෙන්වා දුන්නේය.
දෙවන දුම්රිය රාත‍්‍රී 7.15 ට කොළඹින් පිටත් වී අලූයම 4.20 ට යාපනයට ළ`ගා වේ.
සාමාන්‍යයෙන් රාත‍්‍රී 8.30ට කොළඹින් පිටත් වන රාත‍්‍රී තැපැල් දුම්රිය ඊයේ සිට රාත‍්‍රී 9.00ට කොළඹින් පිටත් වී අලූයම 5.04ට යාපනයට ළ`ගා වේ.
කොළඹ සිට යාපනය දක්වා දිවෙන මෙම නව දුම්රිය සේවාව මාසයක කාලයක් අත්හදා බැලීමක් ලෙස සිදු කිරීමට බලාපොරොත්තු වන බව යාපනය දුම්රිය ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කරන ලදී .