ඉලවාලෙයි ප්‍රාදේශීය රෝහලේ නව නේවාසික වාට්ටු සංකීරණය ගරු ආණ්ඩුකාරතුමිය අතින් විවෘත වෙයි.

යාපනය ඉලවාලෙයි ප්‍රාදේශීය රෝහල සඳහා වූ නව වාට්ටු සංකීරණය ඊයේ (2024.03.11) සවස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අතින් විවෘත කෙරිණි.
රුපියල් මිලියන 24 ක වියදමින් උතුරු පලාත් සභාවේ මූල්‍ය ප්‍රතිපාදන මත රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීම සඳහා වාට්ටු සංකීරණය විවෘත කරනු ලැබීය.
මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, යාපනය කලාපයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍යවරුන්, නිලධාරීන් සහ රෝගී සුභසාධක සංගමයේ සාමාජිකයින් සහභාගී වූහ.
ගරු ආණ්ඩුකාරතුමිය විසින් නව වාට්ටු සංකීරණය වෙතට පළමු නේවාසික රෝගියා ඇතුලත් කිරීමද සිදුකල අතර උත්සව අවස්ථාව ඇමතූ ගරු ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ,
‘උතුරු පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ගොඩනැගීම සඳහා විශේෂ ව්‍යාපෘති ආරම්භ කර ඇති අතර රෝගීන් වැඩිකර සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිහානියට පත්කිරීමට තමාට කිසිවිටක අවශ්‍ය නොවූ බවත්, නවීන ආහාර පුරුදු නිසා ඇතිවිය හැකි රෝග වළක්වා ගැනීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවත් ගරු ආණ්ඩුකාරතුමිය පැවසුවාය.
එමෙන්ම උතුරු පළාතේ ග්‍රාමීය හා ප්‍රාදේශීය රෝහල් සඳහා වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවක් පවතින අතරම ඉලවාලෙයි ගම්මානයට අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද ගරු ආණ්ඩුකාරතුමිය පැවසුවාය.