“ඉන්දියානු ධීවරයින්ගේ ට්‍රෝලින් ධීවර කටයුතු හේතුවෙන් පීඩාවට පත් ජීවනෝපායන්: උතුරේ ධීවරයින් ජනාධිපතිවරයා පෞද්ගලිකව හමුවීමට ඉල්ලීමක්” – ආණ්ඩුකාරවරයාට භාර දුන් ලිපිය

ඉන්දියානු ධීවරයින්ගේ නීතිවිරෝධී ට්‍රෝලින් ධීවර කටයුතු හේතුවෙන් උතුරු පළාත් ධීවරයින් මුහුණ දෙන දැවැන්ත බලපෑම් පිළිබඳව සහ මෙම ගැටලුවට විසඳුමක් සොයා ගැනීම සඳහා සාකච්ඡා කිරීම සඳහා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පෙත්සමක් උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට භාර දෙන ලදී.

උතුරු පළාත් ධීවර සම්මේලනයේ නියෝජිතයින් අද (2025.12.10) බදාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා හමුවී මෙම ඉල්ලීම් ලිපිය භාර දුන්හ.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබා දෙන සහායට කෘතඥතාව පළ කරන අතරම, ඉන්දියානු ධීවරයින් දේශසීමාව හරහා නීතිවිරෝධී ට්‍රෝලින් කිරීමේ ක්‍රමය නිසා උතුරු පළාත් ධීවරයින්ගේ ජීවනෝපායට සහ සමුද්‍ර සම්පත්වලට දැඩි ලෙස බලපෑම් එල්ල වන ආකාරය ද පෙත්සම මගින් පෙන්වා දී ඇත.

එබැවින්, උතුරු පළාත් ධීවර සංගමය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් නිර්මාණය කරන ලෙසයි.

උතුරු පළාත් ධීවර සංගමය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම පිළිගත් ගරඅ ආණ්ඩුකාතුමා, එය වහාම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කිරීමට පියවර ගත්තේය.