ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල ජීවත් වූවන්ට ඉඩම් ඔප්පු නිකුත් කරන ලදී.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල වසර 53ක් ඉඩම් ඔප්පු නොමැතිව ජීවත් වූ ජනතාවට මෙම රජයේ පාලන සමයේදී සහන ලැබී තිබේ. උතුරු පළාතේ ජනතාවට පළමු වතාවට මෙම ඔප්පු ලබා දී ඇත. උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා මේ බව ප්‍රකාශ කළේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩමක පදිංචිව සිටින යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 32 දෙනෙකුට සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාචිලපල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 300 දෙනෙකුට බදාදා (2025.08.13) ඉඩම් ඔප්පු නිකුත් කරන ලදී.

පලෙයි මධ්‍ය මහා විද්‍යාලයේ පැවති මෙම උත්සවයේදී, අමුත්තන් බෑන්ඩ් වාද්‍ය සමඟින් උත්සව ශාලාව වෙත කැඳවාගෙන යන ලදී.

මෙම උත්සවයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වෙතනායගන්, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සුනිල් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංගුමාරන්, පචිලප්පල්ලි ප්‍රාදේශීය සභාවේ සභාපති සුරේන්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති කේ. නිහාල් යන මහත්වරු සහ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් සහ චාවකච්චේරි සහ පචිලප්පල්ලි ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගී වූහ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තම පිළිගැනීමේ කතාවේදී, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම්වල ජීවත් වූ උතුරු පළාතේ ජනතාවට පළමු වතාවට මෙම ඔප්පු ලබා දෙන බව සඳහන් කළේය.එමෙන්ම, මෙම රජය විසින් ඉඩම් හිමිකම් ලබා දීමේ ජාතික වැඩසටහන ආරම්භ වී ඇත්තේ මෙහිදී බව ද ඔහු අවධාරණය කළේය.

අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඔහුගේ කතාවේදී, උතුරු පළාතේ හඳුනා නොගත් ඉඩම් හඳුනා ගෙන, මෙම ප්‍රදේශයේ ඉඩම් නොමැති ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේයඊ.ජනතාවට ඉඩම් නොමැති වුවද, අතීතයේ දී දේශපාලනඥයින්ට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට ඉඩම් අක්කර ගණනාවක් ලබා දී ඇත. සමහර නිලධාරීන් ද මේ සඳහා හවුල් වී ඇත.එලෙස නීති විරෝධීව ලබා දුන් ඉඩම් අපි නැවත ලබාගෙන ජනතාවට බෙදා දෙන බව ඔහු පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සිය කතාවේදී කියා සිටියේ උතුරු පළාතේ ජනතාවට අද ඉතාමත් වැදගත් දිනයක් බවයි. වසර 53ක් තිස්සේ ලබා නොදුන් ඉඩම් අයිතිය දැන් මෙම ජනතාවට ලැබී ඇත. මෙම රජය පැවතුන බැවින් මෙම ක්‍රියාදාමය නිසි අයුරින් සිදුවී නිවැරදි පුද්ගලයන්ට එය ලබා දී ඇත. බලධාරීන් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව එය සම්පූර්ණ කර ඇත. අද වන විට මෙම ජනතාව ඔවුන්ගේ දිගු ගමනෙන් සහනයක් ලබාගෙන ඇත. අපි මෑතකදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා අපගේ කාර්යාලයට ආරාධනා කර, උතුරු පළාතේ ගැටළු පිළිබඳව සාකච්ඡා කළෙමු. ඒ අනුව, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ නායකත්වය යටතේ බොහෝ ගැටළු විසඳනු ලබනවා. අනෙක් අයටත් ඉක්මනින් ඔප්පු ලබා දෙනු ලැබේ. එසේ වුවද, තවමත් බොහෝ අවශ්‍යතා පවතී. ඒවා ද පියවරෙන් පියවර විසඳා ගත යුතුයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් හිමියන්ට ඔප්පු ලබා දී ඇති ආකාරයටම, අනෙකුත් රජයේ ඉඩම්වල වාසය කරන අයටද ඔප්පු ලබා දිය යුතුය. එම ක්‍රියාවලිය ද නැවත ආරම්භ කළ යුතු බව ඔහු පැවසීය.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිය කතාවේදී කියා සිටියේ වන සම්පත් දෙපාර්තමේන්තුව විසින් උතුරු පළාතේ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බවට කියන චෝදනා දීර්ඝ කාලයක් පැවතුණි. මෙම ප්‍රදේශයේ ජනතාව පමණක් නොව,දකුණේ හම්බන්තොට සහ මොනරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික ඉඩම් ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කර ගෙන ඇති බවට එම ජනතාව ද චෝදනා කරයි. මෙම ගැටලුවට ද විසඳුමක් සෙවීමට අපි පියවර ගෙන තිබේ. ඉක්මනින්ම එයට නිවැරදි හා ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, ඔහු පැවසීය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ උතුරු පළාත් අධ්‍යක්ෂ ආර්. විමලන් මහතා පැවසුවේ මෙම වසර අවසන් වන විට පුද්ගලයින් 50,000 කට ඉඩම් ඔප්පු ලබා දීමට අපේක්ෂා කරන බවත්, එයින් උතුරු පළාතේ පුද්ගලයන් 3,000කට ඔප්පු ලබා දිය හැකි බවත්ය.