ඇමරිකානු තානාපතිනිය උතුරේ ජනජීවිතය ගැන සොයන්න යාපනයට යයි

උතුරු පලාතේ සංවර්ධන කටයුතු සහ වර්ථමානයේ ජනජීවිතයේ එදිනෙදා කටයුතු පිළිබඳ තමා බෙහෙවින් සතුටට පත්වන බවත් උතුර සංවර්ධනය සඳහා උපරිම සහයෝගය ලබාදෙන බවත් ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි ජේ. චංග් මහත්මිය පවසීය.

උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) දින හමු වූ අවස්ථාවේදී ඇය මේ බව පැවවාය.

උතුරු පලාතේ වර්ථමාන තත්වය පිළිබඳ ආණ්ඩුකාර තුමිය විසින් තානාපතිතුමිය දැනුවත් කල අතර එහිදි නැවත පදිංචි කිරීම් කෘෂිකාර්මික කටයුතු ධීවර හා සංචාරක කටයුතු ඇතුලු ජනතාවගේ පොදු යටිතල පහසුකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කලාය.

යුද්දය නිමාවීමෙන් පසුව ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා පසුගිය වසර කිහිපය තුල ක්‍රියාත්මක වූ වැඩපිළිවල පිලිබඳව ආණ්ඩුකාර තුමිය විසින් කරුණු පෙන්වා දුන් අතර මෙහිදී ශ්‍රීලංකාවේ ඇමරිකානු තානාපතින ප්‍රකාශ කළේ වර්ථමානයේ උතුරු පලාතේ ජනතාවගේ දයිනික කටයුතු මෙන්ම සංවර්ධනය පිළිබඳව තමා සෑහීමකට පත්වන බවටත් උතුරු පලාතේ ආණ්ඩුකාර තුමිය ලෙස දෙවන වරටත් පත්වීම පිළිබඳව තමන් සුභ පතන බවටත්ය.