ආර්ථික සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ප්‍රවාහන ක්ෂේත්‍රය වැඩිදියුණු කළ යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පවසයි

සමුද්‍රීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.  චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් (07/06/2024) පවත්වන ලදී.  උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවති  මෙම රැස්වීමට මධ්‍යම රජය යටතේ පවතින ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් සහ උතුරු පළාතේ නිලධාරීන් සහභාගි වූහ.

උතුරු පළාතේ සංවර්ධනය කිරීමට නියමිත මාර්ග, ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත මාර්ග, ඉදිරි ව්‍යාපෘති යෝජනා, දුම්රිය ප්‍රවාහනය, සමුද්‍රීය ප්‍රවාහන මෙහෙයුම්, උතුරු පළාත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දූපත් වෙත මගී ප්‍රවාහනය සඳහා වන පාරු සේවය පුළුල් කළ යුතු අතර ගොඩබෑමේ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කළ යුතු බව මෙහිදී ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය.  මෙම සාකච්ඡාවේ දී ගරු ආණ්ඩුකාර තුමිය බස් මගීන් දෛනිකව මුහුණ දෙන අභියෝග පිළිබඳව ද කතා කළාය.  රජයේ සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනයට යෙදවීමට පියවර ගත යුතු බවද  මෙහිදී ගරු ආණ්ඩුකාර තුමිය පැවසීය. ඉදිරිපත්වූ කරුණු  අනුව සුදුසු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් වරයා පළාත් බලධාරීන්ට උපදෙස් දෙන ලදී.

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්‍ෂිත ගේට්ටු සවිකිරීම, යාපනය සහ කාංකසන්තුරේ දුම්රිය ස්ථානය ආසන්නයේ සංක්‍රමණ පර්යන්තයක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ගරු ආණ්ඩුකාර තුමිය  යෝජනාවක් ඉදිරිපත් කළාය.  උතුරු පළාතේ දුම්රිය ස්ථාන ආසන්නයේ ඇති ගබඩා නිසි ලෙස භාවිත කළ යුතු බවත් ප්‍රමාණවත්  ලෙස ප්‍රයෝජනයට නොගන්නා ගබඩා පෞද්ගලික අංශයට ලබා දී වැඩිදියුණු කළ යුතු බවත් ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී පැවසීය.