ආණ්ඩුකාරවරයා වඩමාරච්චි සොරොව්ව අලුත්වැඩියා කටයුතු පිළිබද සොයා බලයි

ෙම් දිනවල සිදු කෙරෙමින් පවතින වඩමාරච්චි ධීවර සොරොව් 8 ක අලුත්වැඩියා කටයුතු පිළිබද සොයා බැලීම සදහා ආණ්ඩුකාරවරයා එම ස්ථානයට ගොස් සේවකයන් හා ධීවරයින් සමඟ සුහද සාකච්ඡාවක නිරත වූ අතර වඩමාරච්චි ධීවර සමිතියේ සභාපති, ධීවර සමිතිවල සභාපතිවරුන් සහ ප්‍රදේශයේ ධීවරයින් හමුවිය.

සොරොව්ව 16 ක් අලුත්වැඩියා කිරීමට පියවර ගන්නා ලෙස වඩමාරච්චි ධීවර සමිතිය ආණ්ඩුකාරවරයාගෙන් කරන ලද ඉල්ලීමට අනුව පළමු අදියරේදී සොරොව් 8 ක් අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2 ක් වෙන් කර ඇත.