අසිරිමත් නත්තලක් වේවා.

ආකාශ දෙවියන් මිනිස් වෙස් ගත් මෙම දිනය ලෝකවාසීහු නත්තල් උත්සවය ලෙස සමරති. මෙම උතුම් දිනයේදී ශ්‍රීලාංකික කිතුනු බැතිමතුන් වෙනුවෙන් අපගේ හදපිරි සුභපැතුම් පිරිනමන්නෙමු.
“ඔහු මිනිසෙක් වී අප අතර වාසය කළේය” – (යොහන් 1:14) බයිබලයේ සඳහන් වේ, ජේසු සමිඳාණන් කුඩා දරුවෙකු ලෙස උපත ලැබූ දිනය නත්තල් උත්සවයක් ලෙස සමරනු ලැබේ. නත්තල පෙන්වන්නේ යේසුස් නිතරම අප සමඟ සිටින බවයි.
ඒ ආකාරයට ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තම උපත තුළින් ගෙන ආ විමුක්තිය සහ මිදීම සෑම කෙනෙකුම අවබෝධ කර ගෙන අත්විඳිය යුතුය. ඒයයි සැබෑ සතුට. ඒ නිසා අපි ජේසු සමිඳුන් වෙත යාඥා කරනවා මේ නත්තල් උත්සවය සියලු දෙනාටම දුක් කරදර, දුප්පත්කම, සොබා දහමේ උවදුරු, ලෙඩ රෝග වලින් නිදහස් වෙන්න කියලා.

රට දැවැන්ත ආර්ථික අර්බුදයෙන් කෙමෙන් කෙමෙන් ගොඩ ඒම නිසා විවිධ අභියෝග මැද ජනතාව මෙවර නත්තල සමරනවා. ජේසුස් වහන්සේගේ ආදරය, කරුණාව, ආශිර්වාදය ඔබට ලැබේවා.
සියලු දෙනාටම සුභ නත්තල් දිනයක් මෙන්ම අලුත් අවුරුද්දක් වේවායි හදපිරි සතුටින් ප්‍රාර්ථනා කරන්නෙමු.

ගරු ආණ්ඩුකාර ලේකම් කාර්යාලය,
උතුරු පළාත.