අර්තාපල් ආනයනය පිළිබඳ විමර්ශනයක් අවශ්‍ය බවට යාපනය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කරයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් පෙන්වා දී ඇත්තේ කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන යටතේ ආනයනය කරන ලද බීජ අර්තාපල් අල සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටයි. මේ පිළිබඳව ආණ්ඩුකාරතුමිය පවසා සිටියේ යාපනය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදීය.

මෙම අවස්ථාවට  දිස්ත්රිකක් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්යක ඩග්ලස් දේවානන්ද, ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රීක් ලේකම් ඒ. සිවබාලසුන්දරන් යන අයද සහභාගී වූහ.

යාපනය දිස්ත්රිනක්කයේ ඩෙංගු අවදානම් තත්ත්වය, ධීවරයින් මුහුණ දෙන ගැටලු, සංවර්ධන ව්යාපෘති සහ දිස්ත්රික්කයේ මහජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි. ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය පවසා සිටියේ,  යාපනය දිස්ත්රිාක්කයේ ගොවීන්ට ආනයනය කරන ලද බීජ අලවල බැක්ටීරියා ආසාදනයක් පැතිර යාම සම්බන්ධයෙන් උතුරු පළාත් කෘෂිකර්ම නවීකරණ වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයාගෙන් ප්‍රශ්න කරන ලදි. කිසිදු තත්ත්ව සහතිකයක් නොමැතිව අර්තාපල් ගෙනාවේ කෙසේද, මේ සඳහා අවසර දුන්නේ කවුරුන්ද?, ඒවා විනාශ කිරීමට යන වියදම, විපතට පත් ගොවීන්ට විකල්ප ක්රියාමාර්ග ආදී ගැටලු රැසක් පිළිබඳව උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමිය ප්ර්ශ්න කරන ලදි.ඒමෙන්ම අර්තාපල් ආනයනයේදී වංචා සිදුවී ඇති බැවින් ඒ පිළිබඳව සවිස්තරාත්මක විමර්ශනයක් සිදුකළ යුතු බවටද මෙහිදී ආණ්ඩුකාරතුමිය පෙන්වා දුන් අතර සම සභාපති අමාත්යඒ ඩග්ලස් දේවානන්ද මහතා ද මෙම යෝජනාවට එකඟ විය.

මේ අතර, උතුරු පළාතේ යෝජිත නිවාස විසිපන්දහස (25,000) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තවමත් අවශ්‍ය පැහැදිලි කිරීම් ලැබී නොමැති බව රැස්වීමට සහභාගි වූ මන්ත්රීයවරු පෙන්වා දුන් අතර  මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ට කරුණු පැහැදිලි කිරීම සඳහා ළඟදීම විශේෂ රැස්වීමක් සංවිධානය කරන බව ගරු ආණ්ඩුකාරවර තුමිය පවසා සිටියාය.

උතුරේ සිදුකිරීමට නියමිත පාලියාරු ව්යාරපෘතිය සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී සාකච්ඡා කෙරුනු අතර යාපනය දිස්ත්රි‍ක්කයේ ධීවරයින් මුහුණ දෙන ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරුනු අතර ඒහිදී. ඉන්දීය ධීවරයින්ගේ ආක්රමණ හේතුවෙන් දේශීය ධීවරයින් පීඩාවට පත්වන බවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූවන්ට ගෙවන දඩුවම් මුදල ධීවරයින්ගේ සුබසාධන කටයුතු සඳහා යෙදවිය යුතු බව සංවර්ධන කමිටුවේ සම සභාපති අමාත්යග ඩග්ලස් දේවානන්ද නිලධාරීන්ට කියා සිටියා. එමෙන්ම පසුගිය 04 වනදා ජනාධිපතිවරයාගේ උතුරේ සංචාරය සම්බන්ධයෙන් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සංවර්ධන කමිටු රැස්වීමේදී පැහැදිලි කළා.