October 2023

කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නීතිවිරෝධීව ක්‍රියාත්මක වන වැලි ජාවාරම් හා වනරක්ෂිත ඉඩම් නීතිවිරෝධීව එලි පෙහෙලි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත්වීමටත් එම නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කොට සැකකරුවන් වහාම නීතිය හමුවට ඉදිරිපත් කරන්න පියවර ගන්නා ලෙසට අද පැවති කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදී ආරක්ෂක අංශ වෙතට දැනුම් දෙන ලදි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ සහ […]

කිලිනොච්චියේ නීතිවිරෝධී වැලි ජාවාරම් සහ දැව ජාවාරම් නැවත්වීමට පියවර Read More »

ජාතික මීලාදුන් නබි උත්සවය මන්නාරමේදී ජනාධිපති තුමන්ගේ ප්‍රධනත්වයෙන් සැමරෙයි

සෑම ආගමකටම සමානව සැලකීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊශ්‍රායල – හමාස් ගැටුමේ දී පලස්තීන ජනතාව ගොදුරක් කර ගැනීම තමා කිසිසේත් අනුමත නොකරන බවත්, ගැටුම් නවත්වා එම ප්‍රදේශවල සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගෙන යන වැඩපිළිවෙළට තම පූර්ණ සහාය ලබාදෙන බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 22 දා මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබිණි. උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව මුස්ලිම් ආගමික සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විතව හරසරින් පිළිගනු ලැබීය. ජාතික මීලාදුන් නබි සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය අෂේක්  බී. නිහමතුල්ලාහ් මව්ලවිතුමා විසින් සිදු කරන ලදි. ජාතික මීලාදුන් නබි සැමරුම 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී. ජාතික මීලාදුන් නබි සැමරුම වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු කලාපය සහ “මන්නාරම දිස්ත්‍රික් ඉතිහාසය”  ග්‍රන්ථය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. නබිනායකතුමාගේ උපන්දින සැමරුමට සමගාමීව පැවැත්වූ නිර්මාණ තරගවලින් ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතිකපත් පිරිනැමීම ද සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිනි. දීර්ඝකාලයක් මුස්ලිම් පල්ලිවල සේවය කළ මව්ලවිතුමන්ලාට ගෞරව සම්මාන පිරිනැමීමද මෙහිදී සිදු කළ අතර ප්‍රදේශය වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළ මහාචාර්යවරයෙකු වන අභාවප්‍රාප්ත හස්බුල්ලා මහතා වෙනුවෙන් සිහිවටන තිළිණයක් පිළිගැන්වීම ද සිදු විය. පුත්තලම මුස්ලිම් පල්ලි සංගමයේ සභාපතිවරයා වෙත සහ පුත්තලම දිස්ත්‍රික් ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා වෙත ජනාධිපතිතුමා අතින් සිහිවටන තිළිණ පිළිගැන්විණි. මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. මෙම අවස්ථාවට සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්,  බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එම්. ෆයිසල් යන මහත්වරුන් ද, මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයන්, තානාපතිවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.    

ජාතික මීලාදුන් නබි උත්සවය මන්නාරමේදී ජනාධිපති තුමන්ගේ ප්‍රධනත්වයෙන් සැමරෙයි Read More »

උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි.

උතුරු පලාතේ අබාධිත ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන එම ජනතාවට සහන සැලසීම සඳහා උපරිම සහය ලබාදෙන බවට උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි. යුද්දය හා ස්වභාවික හේතූන් මත උතුරු පලාතේ විශාල ආබාධිත ජනතාවක් වව්නියාව, මන්නාර, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන් දිස්ත්‍රීක්කයන්හි ජීවත්ව සිටින අතර ඔවුන්ගේ අවශ්‍යතා සහ පහසුකම් හඳුනාගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව ඇතුලු ඊට අනුබද්ධිත රජයේ

උතුරු පලාතේ ආබාධිත ජනතාවට උපරිම සහන ලබාදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසයි. Read More »

ඩෙල්ෆ්ට් දූපතහි උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් සමරනු ලද ළමා දින උත්සවය -2023

ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ළමා දින සැමරුම 2023.10.08 ඉරිදා පෙ.ව.8.30ට ඩෙල්ෆ්ට් දූපත ප්‍රාදේශීය සභාවට අයත් දේවා සංස්කෘතික ශාලාවේදී පැවැත්වේ. ඩෙල්ෆ්ට් දූපතහි පෙර පාසල් හතක බාලක බාලිකාවන් 137ක් මෙම අවස්ථාවට සහභාගි වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ උතුරු පළාත් ප්‍රධාන ලේකම් සහ සිය භාර්යාව දූපත කලාපෙය් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන පරිපාලන)

ඩෙල්ෆ්ට් දූපතහි උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් සමරනු ලද ළමා දින උත්සවය -2023 Read More »

උතුරට නියමිත වෙලාවට මාස්කන්නයේ පොහොර

උතුරු පලාතේ මෙවර මාස්කන්නයේ වගාකටයුතු සිදුකරන සියලුම ගොවීන් සඳහා නියමිත වේලාවට පොහොර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එසේම මේ වන විට ප්‍රමාණවත් වර්ෂාව ලැබීඇති බැවින් නියමිත වෙලාවට වගාකටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් අමාත්‍යවරයා උතුරු පලාතේ වී වගාව පමණක් නොව එලවළු ඵලතුරු ඇතුලු සෙසු බෝග කටයුතු සඳහාද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

උතුරට නියමිත වෙලාවට මාස්කන්නයේ පොහොර Read More »

ඉන්දියාවේ නාගපට්ටාන් සිට යාපනයට පළමු වතාවට මගී යාත්‍රා සේවය ආරම්භ කෙරේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝදි මහතා සමග සිදුකල ද්වීපාර්ෂික සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවේ නාග්පට්ටාන් සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා මගී ප්‍රවාහන නෞකා සේවයක් පළමු වතාවට ආරම්භ කළ බවට නාවික වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා . ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර සබඳතා ශක්තිමත් කරමින් මෙම මගී බොට්ටු සේවාව ඊයේ (14) දින ආරම්භ වූ අතර

ඉන්දියාවේ නාගපට්ටාන් සිට යාපනයට පළමු වතාවට මගී යාත්‍රා සේවය ආරම්භ කෙරේ. Read More »

උතුරු පලාතේ රජයේ සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණයට බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරියක් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් යාපනයට ගොස් උතුරු ආණ්ඩුකාරවරිය හමුවෙයි

උතුරු පලාතේ පවත්නා වත්මන් තත්වය පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ රාජ්‍ය අමාත්‍ය ඈන් මේරී බෙලින්ඩා ට්‍රෙවල්‍යන් (Anne mere belinda trevelyan) මහත්මිය පවසයි. ජනතාවගේ ජනජීවිතයේ බාධවකින් තොරව පැවතීමත් ඔවුන් නිදහසේ තම වෘත්තීන්වල නියලෙමින් ජාතීන් අතර සමගිය හා සහජීවනය ගොඩනගමින් ජීවත්වනු දැකීම පිළිබඳව තමාගේ ප්‍රශංශාව පුදකරන බව ඇය පැවසීය. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස්

උතුරු පලාතේ රජයේ සංවර්ධන වැඩසටහන් නිරීක්ෂණයට බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරියක් සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් යාපනයට ගොස් උතුරු ආණ්ඩුකාරවරිය හමුවෙයි Read More »

ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ කෘෂිකාර්මික ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් සුසිල් ප්‍රේම් ජයන්ත ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මල්ලාවි විද්‍යාලයන් ආරම්භ වේ

මෙරට සියලුම පාසල් පද්ධතිය තුළ විදුහල්පති හා පරිපාලන සේවා පුරප්පාඩු ලබන වසරේ සම්පූර්ණ කිරිමටත් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු නිරාකරණය කර හිග වැටුප් ගෙවීම සදහා එළඹෙන අයවැයෙන් ප්‍රතිපාදන ඉල්ලා ඇති බවත්  අධ්‍යාපන ගැටලුවලදි උද්ඝෝෂණ හා විරෝධතාවලින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රමුඛ කාර්යය බව සලකා සාකච්ඡා මාර්ගයෙන් විසදීම වඩාත් සුදුසු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා

ව්‍යවසායකත්ව පාසල් ගෙවතු වගා වැඩසටහනේ කෘෂිකාර්මික ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය සුසිල් සුසිල් ප්‍රේම් ජයන්ත ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් මල්ලාවි විද්‍යාලයන් ආරම්භ වේ Read More »

උතුර සංවර්ධනයට ඉන්දීය රජයේ පූරණ සහය ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් කියයි.

උතුරු පලාතේ ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සහ උතුර සංවර්ධන කාර්යේදී ඉන්දීය රජයේ පූරණ සහය ලබාදෙන බව ශ්‍රීලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි. උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාලස් මහත්මිය හමුවූ අවස්ථාවේදී ඉන්දීය මහකොමසාරිස් වරයා මේ බව පැවසීය. මෙම හමුව ඊයේ (03) සවස කොළඹ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදුවිය. උතුරු පලාතේ වර්ථමාන තත්වය සහ රජය මගින් ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන

උතුර සංවර්ධනයට ඉන්දීය රජයේ පූරණ සහය ලබාදෙන බව ඉන්දීය මහකොමසාරිස් කියයි. Read More »

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, ආර්ථික, සාමාජික සහ සංස්කෘතික යන අංශවල සංවර්ධනය උදෙසා සිවිල් සංවිධානවල සහාය

යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආර්ථික සහ ජීවන තත්ත්වය නංවාලීම, සඳහා දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සහ පාසල් තුළ භෞතික සහ මානව සම්පත් නංවාලීම මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ජාතීන් අතර එකමුතුකම සහ සහජීවනය ගොඩනැඟීම කෘෂිකාර්මික සංවර්ධනය වාරිමාර්ග ව්‍යාපෘති මෙන්ම සූර්ය බලශක්තිය මගින් ජනතාවට විදුලි සැපයීම ඇතුළුවිවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා සිවිල් ප්‍රජාවගේ පූර්ණ

යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන, ආර්ථික, සාමාජික සහ සංස්කෘතික යන අංශවල සංවර්ධනය උදෙසා සිවිල් සංවිධානවල සහාය Read More »