උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමුපකාර, ආහාර සැපයුම් හා බෙදාහැරීම්, කර්මාන්ත, ව්‍යවසායකත්ව සංවර්ධන සහ වෙළඳ හා වාණිජ අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිකුරාදා (2026.03.06) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී, පසුගිය 2025 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ජයග්‍රහණ සහ දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව දීර්ඝ වශයෙන් සමාලෝචනය කරන ලදී.
එමෙන්ම, පවතින 2026 වර්ෂය සඳහා හඳුනාගෙන ඇති නව සංවර්ධන සහ සමාජ සුභසාධන ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.
මෙම විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, කාන්තා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, සමුපකාර සංවර්ධන කොමසාරිස් ඇතුළු අදාළ අංශවල උසස් නිලධාරීන් රැසක් සහභාගී වූහ.





