ස්වභාවික විපත්වලදී සිදු වූ වගා හානි වාර්ථා කිරීමට පියවර ගන්නා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය නිලධාරීන්ට උපදෙස් දෙයි

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ වර්ෂාව, ගංවතුර, නියඟය වැනි ස්වභාවික විපත් නිසා වගාවන්ට සිදුවන බලපෑම් පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කළ යුතු බවයි. ස්වභාවික විපත් වලදී දේපළ හා ජීවිත හානි පමණක් වාර්තා වුවද, වගා හානි විස්තර ලැයිස්තුගත නොකිරීම හේතුවෙන් ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ගරු ආණ්ඩුකාරතුමියගේ අවධානයට යොමු කර ඇත.
ආපදා වලදී තම වගාවන්ට ප්‍රමාණවත් වන්දියක් නොලැබෙන බවත් රක්ෂණයක් නොලැබෙන බවත් ගොවීන් පවසා ඇති අතර අලාභහානි පිළිබඳ තොරතුරු ලැයිස්තුගත නොකිරීම ඊට හේතුව බවද ගොවීන් පවසා ඇත.
එම ගැටලු පිළිබඳව සොයා බැලූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර තුමිය පැවසුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම ගැටළු පිළිබඳව වාර්තා කළ යුතු බවයි. වර්ෂාව සහ ගංවතුර වලදී ක්ෂේත්‍ර වාර්තා කිරීම වැදගත් වන අතර ආපදා අවස්ථාවලදී සිදුවන විනාශයන් සම්බන්ධ දත්ත එක්රැස් කර කිරීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වගකීමක් බවද පැවසුවාය.
එම දත්ත ඒක්රැස් කළ විට ගොවීන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගත හැකි බවත් උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය පවසා පැවසූ අතර එක්රැස් කරන ලද දත්තවල පිටපතක්ද ආණ්ඩුකාර ලේකම් කාර්යාලයටද ඉදිරිපත් කරන ලෙස උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය අදාල බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.