නවීන තොරතුරු තාක්‍ෂණය භාවිතා කරමින් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් සූරාකෑමෙන් තොරව ලබා ගැනීමට හැකිවන පරිදි නොවැම්බර් මාසයේදී යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රසම්පාදන මධ්‍යස්ථාන පිහිටුවීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ගොවි ව්‍යවසායකයින්ගේ සංගමයට දන්වා ඇත.
ශ්‍රී ලංකා ගොවි ව්‍යවසායකයින්ගේ සංගමයේ නියෝජිතයින් සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ නායකත්වයෙන් යුත් නිලධාරීන් අතර සාකච්ඡාවක් බ්‍රහස්පතින්දා (2025.10.09) ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
“GoVimart” නම් ඒකාබද්ධ ප්‍රවේශයක් හරහා, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තිරසාර විසඳුම් කරා ගමන් කිරීමට සහ ගොවීන් ව්‍යවසායකයින් බවට පත් කිරීමට ශ්‍රී ලංකා ගොවි ව්‍යවසායකයින්ගේ සංගමය උත්සාහයක නියැලී සිටී. විදේශයන්හි සාර්ථකව ක්‍රියාත්මක වන නවීන තොරතුරු තාක්‍ෂණ යාන්ත්‍රණය මත පදනම් වබ Block Chain නිර්මාණය මත පදනම්ව මෙම සංවිධානය එය ක්‍රියාත්මක කරයි.
මේ සම්බන්ධයෙන්, මෙම සංවිධානය උතුරු පළාතට සිය සේවාවන් පුළුල් කරයි. මේ සම්බන්ධයෙන් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්ෂේත්‍ර චාරිකා පවත්වා ගොවීන් සහ කෘෂිකාර්මික සමාගම් ඇතුළු බොහෝ පාර්ශව සමඟ සාකච්ඡා පැවැත්වීය.
ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවලදී ගරැ ආණ්ඩුකාරවරයාට මේ පිළිබඳව දැනුම් දුන් අතර මෙය ක්‍රියාත්මක කිරීම තුළින් ගොවීන්ට තම නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක් ලබා ගත හැකි බවට සහතික විය. කෘෂිකාර්මික නිෂ්පාදනයේ සිට විකිණීම දක්වා නවීන තාක්‍ෂණය භාවිතා කරමින් එය සිදුවන බැවින් එය විශිෂ්ට වනු ඇති බව ද ගරු ආණ්ඩුකාරවරයාට දන්වන ලදී. ලබන මාසය වන විට යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකක ඔවුන්ගේ මිලදී ගැනීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව ද ඔවුන් ගරු ආණ්ඩුකාරවරයාට පෙන්වා දුන්හ.
ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී, උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, යාපනය. කෘෂිකර්ම සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය දිස්ත්‍රික් අධ්‍යක්ෂ සහ සහකාර කොමසාරිස් සහභාගී විය.