ශ්‍රී ලංකාවේ පළාත් නවය අතර ඒකාකාර පළාත් මූල්‍ය රෙගුලාසි නිර්මාණය කිරීම පිළිබඳ පුහුණු වැඩසටහෙන් 4 වන වැඩමුළුව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙතනායගන් මහතා විසින් අද සිකුරාදා (2025.06.27) කිලිනොච්චිය කළමනාකරණ සංවර්ධන පුහුණු ඒකකයේදී ආරම්භ කරන ලදී.
ආණ්ඩුකාරවරයා සමඟ උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.
පළාත් නවයේ මුදල්, ක්‍රමසම්පාදන සහ පරිපාලන නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.