ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාර තුමිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා උතුරේ සංචාරයක නිරත වෙමින් අද (10) දින උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය හමුවී විශේෂ සාකච්ඡාවක නිරත විය.
මෙම හමුවීම උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්වුණි.
මෙම හමුවීමේදී අදහස් පලකල උතුරු පලාත් ආණ්ඩුකාර තුමිය පවසා සිටියේ, කැනඩාවේ බොහෝ ආයෝජකයින් උතුරේ ආයෝජනය කිරීමට උනන්දු වීම පිළිබඳව තමන් සතුටට පත්වන බවටත් ඉදිරියටත් ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගත යුතු බවටය.
ඒමෙන්ම ආර්ථීකය පිළිබඳ වූ කොමිෂන් සභාව රට තුළ ස්ථාපිත කිරීමෙන් පසු ආයෝජන සිදුකිරීමේදී මතුව ඇති ගැටලුවලට විසඳුම් ගබාගැනීමට හැකි බවටද ගරු ආණ්ඩුකාර තුමිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදි.
ඊට අමතරව උතුරේ සිදු කිරීමට සැලසුම් කර ඇති හරිත බලශක්ති ව්‍යාපෘති, ආර්ථික සංවර්ධන ව්‍යාපෘති , නැවත පදිංචි කිරීම් ඇතුලු රජයේ සංවර්ධන වැඩසටහන් පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු අතර කැනේඩියානු මහකොමසාරිස් වරයා විසින් උතුරේ සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳවද මෙහිදී පැසසුමට ලක්කර සිටියේය.