එකම ගමක් එකම රටක් සංකල්පය යටතේ දිස්ත්‍රීක්ක වශයෙන් සිදුකෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳව 17 වන සාකච්ඡාව වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යලයේදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවත්වුණි.
උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය , රාජ්‍ය අමාත්‍ය වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ද උතුරු පලාත්සභා ලේකම් වරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.
ආහාර සුරක්ෂිත වැඩසටහන ඇතුලු කෘෂිකාර්මික ව්‍යාපෘති, යටිතල පහසුකම් සංවර්ධනය හා වව්නියාව දිස්ත්‍රීක්කයේ සෙසු සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.
මෙහිදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ උතුරු පාලාතේ පාසල්හි උසස්පෙල සහ සාමාන්‍ය පෙල විභාගයන්ට පෙනී සිට පාසල් හැරයන සහ සමත් අසමත් සිසු දරුවන්ගේ පූර්ණ වාර්ථාවක් හැකි විගස තමන්ට ලබාදීමට පියවර ගන්නා ලෙසයි.
රටේ ආර්ථික අර්බුද පැවතියත් හැකිතාක් දුරට සංවර්ධන කටයුතුද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා වව්නියාව දිස්ත්‍රීක්කයේ සංවර්ධනය පිළිබඳවද විශේෂ අවධානය යොමුව ඇතැයි පැවසීය.
සාකච්ඡාවෙන් අනතුරුව වව්නියාව මහනගරසභාවට ගිය ගරු අග්‍රාමාත්‍යවරයා වරිපණම් ගෙවීම් කටයුතු නව තාක්ෂණය ඔස්සේ පහසුවෙන් ගෙවීම් කටයුතු සිදුකිරීමේ මාර්ගගත ක්‍රමයට ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදි.