ලෝක බැංකුවේ ශ්‍රිලංකා අධ්‍යක්ෂක ඇතුලු නියෝජිත පිරිසක් උතුරු ආණ්ඩුකාරතුමිය හමුවී විශේෂ සාකච්ඡාවක්

ශ්‍රීලංකාවේ වර්ථමාන ආර්ථික සහ සමාජ තත්වය පිළිබඳව බෙහෙවින් සතුටුවන බවත් ජනාධිපතිතුමන් ශ්‍රීලංකාවේ ජනතාවගේ ජනජීවිතය නගාසිටුවීමට ගෙන ඇති සාධනීය පියවරයන් ලෝක බැංකුවේ පැසසුමට ලක්වන බවත් ලෝකබැංකුවේ ශ්‍රීලංකා මාලදිවයින් සහ නේපාල් අධ්‍යක්ෂක ෆාරිස් හැඩාඩ් සර්වස් (faris hadad zervos) පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශකලේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය අද (21) යාපනය ආණ්ඩුකාර කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය.
උතුරු පලාතේ අධ්‍යාපනික සෞඛ්‍ය සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ලෝකබැංකුවේ පූර්ණ සහය ලබාදෙන බවත් පසුගිය යුද පරිසරයෙන් පසුව ජනතාව නැවත පදිංචි වී සිය ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්කරමින් මේ වනවිට සාමකාමී ජනජීවිතයක් ගතකිරීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්වන බව ෆාරිස් හැඩාඩ් සර්වස් මහතා මෙම සාකච්ඡාවේදී පැවසීය.
උතුරු පලාතේ වර්ථමාන තත්වය පිලිබඳව උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්.චාලස් මහත්මිය ලෝක බැංකුවේ නියෝජිතයින් හට පෙන්වා දුන් අතර මෙම පලාතේ අධ්‍යාපනය ස්වයං රැකියා යටිතල පහසුකම් සහ රැකී රක්ෂා සංවර්ධනයට ලෝක බැංකුවේ සහය ලබාදෙන ලෙසද ආණ්ඩුකාරතුමිය එම නියෝජතියින්ගෙන් ඉලාලා සිටියාය.
ඒ අනුව ඉදිරියේදී වව්නියාව, කිලිනෙච්චිය, මන්නාරම,මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රීක්කයන්හි ජනතාවගේ ජනජීවිතය තවදුරටත් ඉහල නැංවීම සඳහා ලෝකු බැංකුවේ පූර්ණ සහය ලබාදෙන බවට ඔවුන් ප්‍රකාශ කළහ.