යාපනය සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය ගැන විශේෂ සාකච්ඡාවක්

යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්රාජ් මහතා සහ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (10) දින පැවත්වුණි.

මෙම සාකච්ඡාව උතුරු පළාත් උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවත්වුණි.

මෙම සාකච්ඡාවේදී විශේෂයෙන් ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කංගේසන්තුරේ අතර මගී යාත්‍රා සේවාව ආරම්භ කිරීම සහ මගී ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීම පිළිබඳව විශේෂ අවධානය යෙමු විය.

ඊට අමතරව යාපනය පලාලි ගුවන් තොටුපළ සංවර්ධන කටයුතු සහ  උතුරු පලාතේ සංචාරක ක්ෂේත්‍ර‍යේ දියුණුව පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවධානය යොමු වූ අතර ඒ් පිලිබඳව ශ්‍රීලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද දැනුවත් කිරීමට පියවර ගන්නා බව ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නට්රාජ් මහතා පවසා ඇත.