යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් ආණ්ඩුකාරවරයා හමුෙවයි.

යාපනයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් පසුගිය 07 සවස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී හමුවිය. එ් යාපනය විශ්ව විද්‍යාලයේ මේ වනවිට උද්ගතව පවතින ගැටළු කීපයක් පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සදහායි.

 ප්‍රධාන වශයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ කුලපති හා උපකුලපතිවරයා තවමත් පත් කර නොමැති බැවින් උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විය නොහැකි බවත්  එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යයන කටයුතු නිම කළ සිසුන්ට රැකියා සහ උසස් අධ්‍යාපනය සදහා ෙයාමු වීමට පවතින දුෂ්කරතාවන් පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කළේය . මෙම ප්‍රශ්නය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානයට යොමු කර  විසඳුමක් ලබා දෙන ලෙස ඔවුහු ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඊට අමතරව විශ්ව විද්‍යාලය තුළ ස්ථිර වෛද්‍යවරුන් හෝ හෙදියන් නොමැති බැවින් යාපනය විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය පහසුකම් හිඟයක් පවතින බවත් පීඨ මංසන්ධියේ නිතර සිදුවන රිය අනතුරු හේතුවෙන් රාමනාදන් ලලිත කලා පීඨයේ සිසුන්ට දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව අැති බවත්  ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පැහැදිලි කළේය.

කුලපති සහ උපකුලපති පත් කිරීම සහ උපාධි ප්‍රදානෝත්සවය  ප්‍රමාද වීම සම්බන්ධයෙන් හැකි ඉක්මණින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබා දෙන බවට ආණ්ඩුකාරවරයා පොරොන්දු විය. රාමනාදන් ලලිත කලා පීඨය ඉදිරිපිට මාර්ගය සම්බන්ධ ගැටළුවේදී ආණ්ඩුකාරවරයා  කියා සිටියේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ උතුරු පළාත් මාර්ග ආරක්ෂණ කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනතුරු ඇඟවීමේ පුවරු ප්‍රදර්ශනය කිරීමට සහ පාරේ වේග කඩනයන් තැබීමට පියවර ගන්නා බවයි.

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය සමස්ත උතුරු පළාතේම පවතින බැවින් එයට ගත හැකි විසඳුම තීරණය කළ හැක්කේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව  බව ෙපන්වා දුන් ආණ්ඩුකාරවරයා එතෙක් සිසුන්ට ප්‍රථමාධාර පුහුණුව ලබා දිම සදහා කටයුතු සූදානම් කළ හැකි බව වැඩි දුරටත් පැහැදිලි කළේය. ඊට අමතරව යාපනය විශ්ව විද්‍යාලයේ පොත් සාප්පුවක් පවත්වාගෙන යන ලෙස  සිසුන්ට උපදෙස් දුන්  ආණ්ඩුකාරවරයා ඒ සඳහා අරමුදල් සැපයිය හැකි බව පැවසීය.

යාපනයේ වැසියන්ට පානීය ජලය ලබා දීම සඳහා ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද  වඩමරාච්චි කලපු ව්‍යාපෘතියේ වැදගත්කම සහ ඒ සඳහා ආණ්ඩුකාරවරයාගේ මුලපිරීම ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ෙග් පැසසුමට ලක් වූ අතර උතුරේ සමාජ ගැටලු විසඳීම සඳහා ආණ්ඩුකාරවරයා දරන උත්සාහයට සහාය දෙන බවට ඔවුහු පැවසූහ.