මාංගුලම් හි ස්ථාපිත කිරීමට නියමිත ආයෝජන කලාප ව්‍යාපෘතිය වේගවත් කිරීමේ අරමුණින් පළමු මෙහෙයුම් කමිටු රැස්වීම ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මාංගුලම් හි ස්ථාපිත කිරීමට නියමිත ආයෝජන කලාප ව්‍යාපෘතිය කඩිනම් කිරීම හා ඉදිරියට ගෙන යාමේ අරමුණින්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු මෙහෙයුම් කමිටු රැස්වීම අද (2025.09.03) බදාදා උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිතයා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා, වැවිලි හා සමාජ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා, උතුරු පළාත් ප්‍රධාන ලේකම්වරයා, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, උතුරු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්), මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ලේකම්වරුන්, පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා, නාගරික සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂවරයා, යාපනය සහ වවුනියාව විශ්වවිද්‍යාලවල නියෝජිතයින්, වන විද්‍යා හා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ යාපනය වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතයින් මෙම රැස්වීමට සහභාගී වූහ.

පළමු මෙහෙයුම් කමිටු රැස්වීමේදී, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ වැවිලි හා සමාජ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම මෙහෙයුම් කමිටුවේ සම සභාපතිවරුන් ලෙස නිල බලයෙන් කටයුතු කරන බව නිවේදනය කරන ලදී. ඊට අමතරව, අනාගත ආයෝජන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සහ අඛණ්ඩ ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පළමු පියවරක් ලෙස උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගේ නායකත්වයෙන් කාර්මික ආයෝජන සංවර්ධන ඒකකයක් ආරම්භ කිරීමට තීරණය කරන ලදී. කමිටුවේ සාමාජිකයින් ද තෝරා ගන්නා ලදී.
ආයෝජන කලාපය සඳහා ව්‍යාපෘති වාර්තාව ද බෙදා ගන්නා ලද අතර අවසන් ව්‍යාපෘති වාර්තාව ඉක්මනින් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති ඉඩම් සමීක්ෂණ කටයුතු සහ දැනටමත් සිදු කර ඇති පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව නැවත අධීක්ෂණය කිරීමට සහ මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරයාගේ නායකත්වයෙන් ඉඩම් ආශ්‍රිත ගැටළු කඩිනමින් විසඳීමට ද තීරණය විය.

එසේම, රැස්වීම් පිළිබඳව ද තීරණයන් ගෙන ඇති අතර, මෙම ව්‍යාපෘති කාලය තුළදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන ඇති ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට සහ පළාතේ ආර්ථිකය ගොඩනැගීමට එක්ව කටයුතු කරන ලෙස ආණ්ඩුකාරවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.