මහජනතාව දෙපාර්තමේන්තුවලට කොතරම් කැමැත්තෙන් යනවාද යනු මතෙය් ද දෙපාර්තමේන්තු වල සාර්ථකත්වය රඳා පවතින්නේ.

ජනතාව වැඩියෙන් දේශීය වෛද්‍ය ප්‍රතිකාරය දෙස තමන්ගෙ අවධානය යොමු කරති. ඔවුන් දේශීය වෛද්‍ය ප්‍රතිකාරය දෙස තමන්ගෙ අවධානය යොමු කර සිටින්නේ අනෙකුත් ඖෂධවල අතුරු ආබාධ ඇති බව ඔවුන් විශ්වාස කරන බැවිනි. උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතා පැවසුවේ මෙම වෙනස නිසි ලෙස භාවිතා කළ යුතු බවයි.
කිලිනොච්චි මධ්‍යම සිද්ධ ඔසුසලේ නව ගොඩනැගිල්ල අද සිකුරාදා (2025.07.11) කිලිනොච්චි මධ්‍යම බස් නැවතුම්පොළ අසල උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් විවෘත කරන ලදී.
උතුරු පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වෛද්‍ය ටී. සර්වානන්දන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු ආණ්ඩුකාරවරතුමා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, ළමා පරිවාසක ආරක්ෂක සේවා අමාත්‍යාංශයේ ලේකම් පී. ජයරාණි මහත්මිය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් යන මහත්වරු සහභාගී වූහ.
ගරු ආණ්ඩුකාරවරතුමා සිය කතාවේ පැවසුවේ දෙපාර්තමේන්තු වලට විශිෂ්ථ භෞතික සම්පත් ඇත් නම්, ජනතාවට අවශ්‍ය සේවාවන් සැපයිය හැකි බවයි. අපි රජයේ සේවයට බැඳුණු 1991 සිට 2010 දක්වා යුද්ධයෙන් පිරී කාලයක් වී ඇත.එම කාලය තුළ භෞතික සම්පත් හොඳ නොවූවත්, ජනතාවට සතුටුදායක සේවාවන් අප විසින් ලබා දුන්නා ලදී.
අපගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති රෝහල්වලට ඉතා විශාල ගොඩනැගිලි සහ නවීන උපකරණ සපයා ඇත. නමුත් මානව සම්පත් නොමැතිකම නිසා ඒය ක්‍රියාත්මක නොවේ.
මේ සියල්ලෙන් ඔබ්බට, භෞතික සම්පත් තිබුණත්, එම දෙපාර්තමේන්තු වෙත මිනිසුන් පැමිණෙන්නේ ඒය ජනතාවට ගුණාත්මක හා විශිෂ්ට සේවාවක් ලබා දෙන්නේ නම් පමණි. එම දෙපාර්තමේන්තු වල සාර්ථකත්වය රඳා පවතින්නේ ජනතාව දෙපාර්තමේන්තු වෙත කෙතරම් කැමැත්තෙන් යනවාද යන්න මතය. දෙපාර්තමේන්තු ද ජනතාවට විශිෂ්ට සේවාවක් ලබා දෙන්නේ නම් පමණක්, එම දෙපාර්තමේන්තු සඳහා අමතර සහාය ලබා දීමට අප පෙළඹෙනු ඇත. එබැවින්, ජනතාවට විශිෂ්ට සේවාවක් සැපයීමේ අරමුණින් අප කටයුතු කළ යුතු අතර එය නගරය මැද විවෘත කර ඇති බැවින්, සිද්ධ ඔසුසලට පැමිණීමට වැඩි අවස්ථාවන් ඇති බව ඔහු පැවසීය.
උතුරු පළාත් ගරු ආණ්ඩුකාරවරතුමා විසින් විශ්වවිද්‍යාල පරිශ්‍රය අවට රුක් රෝපණය කිරීම ද විශේෂත්වයකි.