පළාත් පාලන අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වන ලදී.

මුදල් හා ක්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග්‍රාමීය සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප්‍රවාහන සහ ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාසික සාකච්ඡාවක් අද (2025.07.16) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
සාකච්ඡාව ආරම්භයේදී අදහස් පළ කළ ගරු ආණ්ඩුකාරවරතුමා, මෙම වසර සඳහා වෙන් කර ඇති අරමුදල් කාර්යක්ෂමව වියදම් කරන ලෙස උපදෙස් දුන්නේය. ඉදිකරනු ලබන මාර්ගවල ගුණාත්මකභාවය කෙරෙහි දෙපාර්තමේන්තු ප්‍රධානීන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද ඔහු ඉල්ලා සිටියේය.
ඉන්අනතරුව, පළාත් පාලන අමාත්‍යාංශය, පළාත් පාලන දෙපාර්තමේන්තුව, සෑම දිස්ත්‍රික්කයකම පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය, පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව, පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව, සංචාරක අධිකාරිය සහ මාර්ගස්ථ මගීන් ප්‍රවාහන අධිකාරිය යන ආයතනවල එක් එක් දෙපාර්තමේන්තුවේ සහ එක් එක් ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සවිස්තරාත්මකව පරීක්ෂා කරන ලදී.
මේ අතර, පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්යමණ්ටල හිඟය සම්බන්ධෙයන් ඉස්මතු කරන ලද අතර, දෙපාර්තමේන්තුවෙ ආදායම් සහ වැඩ වැඩසටහන් වේගයෙන් ක්‍රියාත්මක කිරීමේදී අවදානම් වලට මුහුණ දීමට සිදුවන බව පෙන්වා දෙන ලදී.
තවද, සමහර ස්ථානවල කොන්ත්‍රාත්තු ලබාගෙන ඇති කොන්ත්‍රාත්කරුවන්ගේ ප්‍රමාණවත් සහයෝගයක් නොමැතිකම හේතුවෙන් ව්‍යාපෘති ප්‍රගතියේ ප්‍රමාදයක් ඇති බව පෙන්වා දෙන ලදී.

මෙම සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම් එම්. නන්තගෝපාලන් මහතා, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ඒ. සෝතිනාදන් මහතා, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – මුදල් සහ සැලසුම්, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ පළාත් අධ්‍යක්ෂවරුන් සහභාගී විය.