නව ආණ්ඩුකාරතුමා වැඩ භාර ගන්නා ලදි.

උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමා ආචාර්‍ය සුරේන් රාඝවන් මහතා 2019 ජනවාරි මස 09 වන දින යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී සර්ව ආගමික වතාවන් සිදු කිරීමෙන් අනතුරුව පූජකවරුන්ගේ ආශිර්වාද ලබා ගනිම්න් වැඩ භාර ගන්නා ලදි. මෙහිදී ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා විසින් උතුරු පළාත් නව ආණ්ඩුකාරතුමා පිළිගනු ලැබිණ. ආගමික පූජකවරු, උතුරු පළාත් සභා ලේකම් සී.වී.කේ. සිවඥාණම් මහතා, හිටපු උතුරු පළාත් විපක්ෂ නායක එස්. තවරාසා මහතා, යාපනය නගර සභා නගරාධිපති ඉමානුවල් ආර්නෝල්ඩ් මහතා, උතුරු පළාත් ප්‍රධාන ලේකම් ඒ. පත්තිනාදන් මහතා, උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම්වරු,  ඉන්දියානු නියෝජ්‍ය තානාපති එස්. බාලචන්දිරන් මහතා, ආරක්ෂක හමුදා නිලධාරීන්, ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරීන්, අමාත්‍යංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ඇතුළු බොහෝ දෙනා මෙම අවස්ථාවට සහභාගි වූහ.