දීපාවලී උත්සවය දිනයේදී උතුරු පළාතේ සියලුම බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් වසා දැමීමට යෝජනාවක්

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වෙදනායක මහතා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව, දීපාවලී උත්සව දින (2025.10.20) උතුරු පළාතේ සියලුම බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් වසා දැමීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ.

දීපාවලී උත්සව දිනයේදී මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පියවර ගන්නා ලෙස හින්දු ආගමික සංවිධාන ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටීම සැලකිය යුතු කරුණකි.