මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති තුළින් ලබා ගත් ප්‍රතිඵල සහ ජනතාවගේ ජීවන තත්ත්වයේ සිදුවී ඇති වෙනස්කම් පිළිබඳව ලබන වසරේ මුල් භාගයේදී ඇගයීමක් පැවැත්විය යුතු බව උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා පැවසීය.
උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන හා පරිසර අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීමේ මාසික සාකච්ඡාව 2025.09.03 බදාදා උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාෙග් ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
රැස්වීම ආරම්භයේදී කතා කළ ආණ්ඩුකාරවරයා, කෘෂිකර්ම අමාත්‍යාංශයක් ඇති අතර ඒ හරහා මේ වන විට රුපියල් මිලියන ගණනක් වියදම් කර ඇතත්, එමඟින් ගොවීන්ගේ ජීවන තත්ත්වය කෙතරම් දියුණු වී ඇත්දැයි පරීක්ෂා කළ යුතු බවත්, හඬක් නැති ගොවීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලා හඳුනාගෙන ඒවා සපුරාලිය යුතු බවත් පැවසීය.
මෙයින් පසු, කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු එක් එක් දෙපාර්තමේන්තුවල ප්‍රගතිය වෙන වෙනම සහ විස්තරාත්මකව පරීක්ෂා කරන ලදී. ආණ්ඩුකාරවරයා එක් එක් ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ දුෂ්කරතා පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කිරීම කැපී පෙනේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් කුඩා පරිමාණ ගොවිතැනේ විශාල වැඩිවීමක් සිදුවී ඇතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් මගින් මෙම වෙනස්කම් ඇති කර ඇති බව සැලකිල්ලට නොගැනීම පිළිබඳව ද ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමු විය. වැව් සහ ඇළ මාර්ග සංවර්ධනය හේතුවෙන් අලුතින් ඉඩම් අක්කර ගණනාවක් වගා කර ඇති බව සහ ගොවීන්ගේ ජීවිතවල සිදුවී ඇති වෙනස්කම් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
ලබන වසරේ පශු සම්පත් සහ අනෙකුත් දෙපාර්තමේන්තු සම්බන්ධ නිවැරදි තොරතුරු රැස් කිරීම සඳහා අරමුදල් වෙන් කරන ලෙස කළ ඉල්ලීම ද ආණ්ඩුකාරවරයා පිළිගත්තේය.
මෙම සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, සැලසුම් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, මුදල් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් සහභාගී වූහ.