උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතා සහ ශ්‍රී ලංකා දෙමළ ගුරු සංගමය අතර සාකච්ඡාවක් 2025.10.21 අඟහරුවාදා ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
උතුරු පළාතේ අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ යෝජනාවක් ශ්‍රී ලංකා දෙමළ ගුරු සංගමය විසින් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කරන ලදී.
ගුරු කාර්ය මණ්ඩල ගැලපීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ගුරුවරුන් පිළිබඳ යාවත්කාලීන දත්ත බලධාරීන් සමඟ නොමැතිකම විවිධ ගැටළු වලට හේතුව බව ගුරු සංගමය පෙන්වා දුන්නේය. මෑත කාලීන මාරුවීම් සම්බන්ධයෙන් ද විවිධ ගැටළු සාකච්ඡා විය.