උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපතිවරයා එරික් වොල්ෂ් අතර හමුවක් අද සඳුදා (2025.07.14) උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කැනේඩියානු තානාපතිවරයා ආණ්ඩුකාරවරයාට දැනුම් දුන්නේ තම රාජකාරිය අවසන් කිරීමෙන් පසු ලබන මාසයේ ශ්‍රී ලංකාවෙන් ආපසු පිටත්වන බවයි. මෙතෙක් ලබා දී ඇති සහයෝගයට සහ කැනේඩියානු රජය විසින් පෙර කාලවල දී ලබා දී ඇති සහායට ආණ්ඩුකාරවරයා එතුමාට ස්තූති කළේය.
උතුරු පළාතේ, විශේෂයෙන් වන්නි කලාපයේ ඉඩම් ආශ්‍රිත ආරවුල් රාශියක් ඇති බව පෙන්වා දුන් ගරු ආණ්ඩුකාරවරතුමා, යුද්ධය හේතුවෙන් ලේඛන විනාශ වීම මෙයට ප්‍රධාන හේතුව බව පැවසීය.
වන සම්පත් දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව අතීතයේ දී ගූගල් සිතියම් ආධාරයෙන් මෙහි නිලධාරීන්ගේ අනුදැනුමකින් තොරව ඉඩම් ගැසට් කර තිබීම නිසා පැන නැගී ඇති අභියෝග සම්බන්ධයෙන් ගරු ආණ්ඩුකාරවතුමා විසින් අවධාරණය කරන ලදී. මේ සඳහා විසඳුමක් සෙවීම සඳහා වත්මන් රජය ගෙන ඇති පියවර පිළිබඳව ද ආණ්ඩුකාරවරයා කැනේඩියානු තානාපතිවරයාට පැහැදිලි කළේය. කැනේඩියානු තානාපතිවරයා ප්‍රතිචාර දැක්වූයේ මෙම දෙපාර්තමේන්තු උතුරු පළාතට පමණක් නොව අනෙකුත් ප්‍රදේශවලට ද බලපාන බව තමා දන්නා බවයි.
2019 දී උතුරු පළාතේ ආරම්භ කරන ලද සහ ඉදිකිරීම් අත්හිටුවා ඇති නිවාස ව්‍යාපෘතිවල බලපෑමට ජනතාව තවමත් මුහුණ දෙන බව ආණ්ඩුකාරවරයා පෙන්වා දුන් අතර, එය සම්පූර්ණ කිරීම සඳහා එම ජනතාවට සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ හා සමානව, කාන්තා මූලික පවුල් නිෂ්පාදන කටයුතුවල නියැලී සිටින බවත්, ඔවුන්ට විදේශ රටවලට අපනයනය කිරීමට අවස්ථා නිර්මාණය කිරීමට සහාය අවශ්‍ය බවත් ඔහු කැනේඩියානු තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
මෙයට විසඳුමක් ලබා දීමේ අරමුණින් කෘෂිකාර්මික හා සමුද්‍ර නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන බවට පරිවර්තනය කරන කර්මාන්තශාලා පිහිටුවීම සඳහා උතුරු පළාතේ රැකියා අවස්ථා දිරිමත් කරන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.
උතුරේ සැලසුම් කර ඇති ආයෝජන කලාපවල ප්‍රගතිය සහ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම පිළිබඳව ද කැනේඩියානු තානාපතිවරයා විමසීය.
මෙම රැස්වීමට ආණ්ඩුකාර ලේකම් එම්. නන්දගෝපාලන් සහ ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරු සහභාගී වූහ.