ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ගිලන් රථ 21 ක් ප්‍රධානය කරන ලදි.

උතුරු පළාත් සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම තුළින් මහජනතාවගේ යහපත උදෙසා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ගිලන්රථ 21 ක් උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමේ වැඩසටහන ගරු ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කෛතඩි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී අද (13) දින පවත්වනු  ලැබිණ.

ඉහත සඳහන් ගිලන් රථ 21 යාපනය (9), කිලිනොච්චිය (4), වවුනියාව (2), මුලතිව් (2) සහ මන්නාරම  (04) ක් වශයෙන් දිස්ත්‍රික් 05ටම ලබා දී ඇත.

මෙම අවස්ථාවට කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. සිරිදරන් මහතා, මන්නාරම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාර්ල්ස් නිර්මලනාදන් මහතා, හිටපු උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය පී. සත්තියලිංගම් මහතා යනාදිවරු සහභාගි වූහ.