කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡාවක් පැවැත්විණි.

උතුරු පළාතේ කෘෂිකර්ම හා ග්‍රාමීය සේවා, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන සහ පරිසර අමාත්‍යාංශය යටතේ මෙම වසරේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල මූල්‍ය හා භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා මාසික සාකච්ඡාවක් අද, අඟහරුවාදා (2025.10.14) උතුරු පළාත් ගරු ආණ්ඩුකාරතුමා එන්. වේදනායකන් මහතාගෙ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යන සෑම දෙපාර්තමේන්තුවකම ප්‍රගතිය වෙන වෙනම සහ විස්තරාත්මකව සමාලෝචනය කරන ලදී. කරන ගරු ආණ්ඩුකාරතුමා එක් එක් ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ දුෂ්කරතා පිළිබඳව වෙන වෙනම අවධානය යොමු කළේය.

මෙම සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් – මුදල්, සැලසුම්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, පශු සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් සහභාගී වූහ.