එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පවත්වන ලද උතුරු පළාත් සංචාරක අවශ්‍යතා තක්සේරුව පිළිබඳ සාකච්ඡාවක් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් පවත්වන ලද උතුරු පළාතේ සංචාරක අවශ්‍යතා තක්සේරුව පිළිබඳ සාකච්ඡාවක්, උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (2025.07.25) සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

සාකච්ඡාව ආරම්භයේදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පැවසුවේ,උතුරු පළාත සංචාරක ව්‍යාපාරයට ඉතා සුදුසු ස්ථානයකි. බොහෝ ආයෝජකයින් සංචාරක ක්ෂෂෙත්‍රයේ ආයෝජනය කිරීම සඳහා පැමිණෙති. ලෝක බැංකුව අපගේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා මූලික යටිතල පහසුකම් සංවර්ධනයේ දී අපට සහාය වීමට සූදානම් වී සිටී.

අපගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) මඟ පෙන්වීම යටතේ UNDP ආයතනය විසින් මෙම මුලපිරීම කළ හැකි විය. මෙම ක්‍රියාවලිය පුරාම දක්වන ලද මැදිහත්වීම සහ සැලකිල්ල සඳහා අපි බෙහෙවින් කෘතඥ වෙමු.

අපගේ කලාපයේ තිරසාර සංචාරක ව්‍යාපාරයේ වැදගත්කම හඳුනා ගැනීම සහ මෙම මුලපිරීම සඳහා දක්වන සැලකිල්ල වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාට අපගේ අවංක කෘතඥතාව පළ කරමි

ස්වභාවික හා සංස්කෘතික උරුමය ආරක්ෂා කරමින් ස්වභාවික ප්‍රිය සංචාරක ව්‍යාපාරය වර්ධනය කරනු ලබන අතර, පළාත් සහ ජාතික ආර්ථික වර්ධනයට සැලකිය යුතු ලෙස දායක වන පුළුල් සැලැස්මක් සකස් කිරීමට උපකාරී වනු ඇතැයි අපි සැබවින්ම විශ්වාස කරමු. උතුරු පළාතේ සංචාරක ව්‍යාපාරය සඳහා ශක්තිමත් සහ තිරසාර අනාගතයක් ගොඩනඟා ගැනීම සඳහා මෙම අවස්ථාව උපයෝගී කර ගනිමු යැයි ආණ්ඩුකාරතුමා සඳහන් කළේය.

අනතුරුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) විශේෂඥ කණ්ඩායම විසින් ඔවුන්ගේ තක්සේරු වාර්තාවේ ප්‍රධාන නිගමන ඉදිරිපත් කරන ලදී. මේ මත පදනම්ව, දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.මෙය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රායෝගික ක්‍රමවේද සහ ක්‍රියාමාර්ග සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී

යුද සමයේදී පවා අනෙකුත් පළාත්වල සංචාරක ව්‍යාපාරය සඳහා මූලික යටිතල පහසුකම් තිබුණද, අවාසනාවකට උතුරු පළාතේ එවැනි පහසුකම් නොතිබූ බව ආණ්ඩුකාරවරයා පැවසීය. දැනට සකස් කරමින් පවතින සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුළින් උතුරු පළාතේ සංචාරක ක්ෂේත්‍රයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් අත්කර ගත හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවට උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, දිස්ත්‍රික් ලේකම්වරුන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයින්, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාගේ නියෝජිතයා, නාගරික සංවර්ධන අධිකාරියේ සාමාජිකයින්, උතුරු පළාත් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා, වන විද්‍යා හා වනජීවී දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ තවත් බොහෝ දෙනෙක් සහභාගී වූහ.