උතුරු පළාතේ පෙර පාසල් ළමුන් සඳහා “සත්තුමා” ලබා දීමේ වැඩසටහනල

ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ මගපෙන්වීම් මත මෙම වෙඩසටහන් ක්‍රියාත්මක කරමින් පවති.උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය,සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යාමට නියමිතයි.

පෙර පාසල් ළමුන්ව මන්දපෝෂණයෙන් සිට ආරක්ෂා කිරීමේ අරමුණින් සමස්ථ උතුරු පළාතේ පිහිටා ඇති පෙර පාසල් 1600 ක් පමණක් තෝරා ගනු ලදී.

මෙම සත්තුමා ලබා දීමේ ක්‍රියාවලිය 02.05.2023 වන දින අඟහරුවාදා පළාතේ පිහිටා ඇති පෙර පාසල් වල උත්සවානුකූලව අරම්භ කරනු ලදි.මෙම වැඩසටහනේ ගුරුවරුන්, සිසුන්, දෙමාපියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන්, සහ වෙනත් දෙපාර්තමේන්තු ප්‍රධානිවරුන් සහබාගි වූහ.

මෙම වැඩසටහනේ ප්‍රධාන ලේකම්ගේ උපදෙස් පරිදි එක් එක් පෙර පාසල්වල රුක්රෝපණ වැඩසටහන් ද පවත්වනු ලදී.