උතුරු පළාත සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වූ නොමිලේ සූර්ය බලශක්ති නිවාස ව්‍යාපෘතිය විසිපන්දහසක් (25,000) සඳහා අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අවසන් අදියරට පැමිණ තිබේ.
අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි උතුරු පළාතේ ගරු ආණ්ඩුකාර තුමිය හරහා සිදුකිරීමට නියමිත මෙම නිවාස විසිපන්දහස (25,000) ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් හරහා අයදුම්පත් භාරගැනීම සිදු කෙරේ.
මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් ඉල්ලුම් කර නොමැති සුදුසුකම් ඇති ප්‍රතිලාභීන් දෙසැම්බර් 14 වැනිදාට පෙර ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අයදුම්පත් යොමු කරන ලෙස ඉල්ලා සිටියි.
ගරු උතුරු පළාත් ආණ්ඩුකාර තුමියගේ මඟපෙන්වීම යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් නිවාස යෝජනා ක්‍රම ප්‍රතිලාභීන් තෝරා ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇත.
ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක පහේ මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා තවමත් ඉල්ලුම් නොකළ සුදුසුකම් ලත් අයැදුම්කරුවන් සිටී නම් වහාම තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.
ජාතික නිවාස අධිකාරිය මගින් දැනටමත් නිවාස යෝජනා ක්‍රමයක් ලබාදී අවසන් නොකළ, නැවත පදිංචිවීමෙන් පසු ඉඩම් අහිමි වූවන්, තමන්ගේම ඉඩමක් ඇති නමුත් තවමත් නිවාස යෝජනා ක්‍රමය නොලැබුණු අය මෙම විශේෂ යෝජනා ක්‍රමය වෙනුවෙන් අයදුම් කළ හැකිය.
මෙම නව නිවාස යෝජනා ක්‍රමය හරහා රජයේ ඉඩම්වල ඉඩම් නොමැති ජනතාව සඳහා ද පොකුරු නිවාස යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.
වර්ග අඩි 710 ක නිවාස ඉදිකෙරෙන අතර මෙම නිවාසවල වහලය මත වර්ග අඩි දහසක් (1000) සූර්ය පැනල සවි කෙරේ. ඉතිරි ප්‍රදේශය සිමෙන්ති කරනු ලැබේ.
විදේශීය පෞද්ගලික ආයෝජන සමාගමක් හරහා ක්‍රියාත්මක වන මෙම යෝජනා ක්‍රමය යටතේ ලක්ෂ 50ක වියදමින් ඉදිකරන මෙම නිවාස විසිපන්දහසේ (25,000) වහලය මත සවි කිරීමට සූර්ය පැනලයෙන් (SOLAR PANEL) නිපදවන විදුලිය වසර විස්සක් (20) සඳහා පමණක් ආයෝජන සමාගමට ලබා දිය යුතුය. කෙසේ වෙතත්, නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා ප්රතිලාභීන්ගෙන් කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
එබැවින් මෙම යෝජනා ක්‍රමය සඳහා තවමත් අයදුම්පත් ඉදිරිපත් කර නොමැති අය කඩිනමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියි.
මෙම විශේෂ නිවාස යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සහ පැමිණිලි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට සෘජුවම දැනුම් දිය හැකිය.
දුරකථන අංකය – 021 221 93 70
විද්‍යුත් තැපෑල – plangov@np.gov.lk
ලිපිනය – ආණ්ඩුකාරවරයාගේ ලේකම්,
ආණ්ඩුකාර ලේකම් කාර්යාලය,
පැරණි උද්‍යානය,
චුණ්ඩිකුලි,
යාපනය.