උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නව වැඩබලන ලේකම්වරයෙක්.

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා විසින් අද (06) උතුරු පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂණ සේවා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස කේ. තිවේන්ද්‍රන් මහතා පත් කරන ලදී.

මේ වන විට කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පාදන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඔහු අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ලෙස ද කටයුතු කරනු ඇත.

පත්වීම් ලිපිය අද පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ප්‍රදානය කරන ලදී.