ඉන්දීය අගමැති නරේන්ද්‍රසිං මෝදි මහතා සමග සිදුකල ද්වීපාර්ෂික සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාවේ නාග්පට්ටාන් සිට යාපනය කන්කසන්තුරෙයි දක්වා මගී ප්‍රවාහන නෞකා සේවයක් පළමු වතාවට ආරම්භ කළ බවට නාවික වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසා .
ඉන්දියාව සහ ශ්‍රීලංකාව අතර සබඳතා ශක්තිමත් කරමින් මෙම මගී බොට්ටු සේවාව ඊයේ (14) දින ආරම්භ වූ අතර ආරම්භක ප්‍රථම මගී බොට්ටු සේවාවේ පැමිණි පිරිස් පිළිගැනීම සඳහා අමාත්‍ය නිමල්සිරිපාලද සිල්වා මහතා, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංකජන් රාමනාදන් මහතා, උතුරු පලාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය යාපනය දිස්ත්‍රීක් ලේකම් ඒ. සිවාබලසුන්දරම් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර බෝට්ටු සේවාව ආරම්භ වීමෙන් වෙළඳ කටයුතු මෙන්ම ජනතාවගේ ගමනාගමන කටයුතු සඳහා මහගු පිටුවහලක් වන බවට අපේක්ෂා කෙරේ.
මීට සමගාමීව තලෙයිමන්නාරම් සිට ධනුෂ්කොඩි දක්වා මගී නැව් සේවාව ආරම්භ කිරීම සඳහාද ඉදිරියේදී සැලසුම් කොට ඇති බවටත් ඒ සඳහා රුපියල් මිලියන 600 ක මුදලක් .ලෙයිමන්නාරම් ජැටිය සංවර්ධනය සඳහා සැලසුම් කොට ඇතැයිද අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා උත්සව අවස්ථාවේදී පැවසීය.
ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කරමින් ඊයේ සිට මෙම බෝට්ටු සේවාව ආරම්භ කෙරුණු අතර ඉදිරියේදී මෙම බෝට්ටු සේවාව ශක්තිමත් කිරීමටද අපේක්ෂා කෙරේ.