ඉඩම් නිදහස් කිරීම සහ කෘෂිකාර්මික ගොවිපල නිදහස් කිරීම පිළිබඳ සමාලෝචනය; – යාපනය ආරක්ෂක කලාප ආඥාපති සමඟ පැවති හමුවේදී ආණ්ඩුකාරතුමා.

උතුරු පළාත් ගරු ආණ්ඩුකාර නා. වේදනායකන් මහතා සහ යාපනය ආරක්ෂක බලකායේ නව ආඥාපති මේජර් ජනරාල් කේ.ආර්.පී.ඩී. සිල්වා මහතා අතර විශේෂ හමුවක් අද අඟහරුවාදා (03.02.2026) උදෑසන ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

පසුගිය 27 වැනි දින යාපනය ආරක්ෂක බලකායේ ආඥාපති ලෙස රාජකාරි භාරගත් මේජර් ජනරාල් කේ.ආර්.පී.ඩී. සිල්වා මහතා, අද උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හමුවී සම්ප්‍රදායික හමුවක් පවත්වා සාකච්ඡා කළේය.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පොදු ජනතාවට අයත් ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද, පසුගිය කාලය තුළ සිදු කළ ඉඩම් නිදහස් කිරීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක සාකච්ඡා කෙරිණි.

ආරක්ෂක අංශයන්ගේ පාලනය යටතේ පවතින කෘෂිකාර්මික ගොවිපළ නිදහස් කිරීම සඳහා ගෙන යමින් ඇති උත්සාහයන් සහ ඒ සඳහා ඇති හැකියාවන් පිළිබඳවද මෙහිදී අධ්‍යයනය කෙරිණි.

ආරක්ෂක අංශයන් විසින් පරිපාලනය කරනු ලබන වාණිජ ස්ථාන සම්බන්ධයෙන්ද මෙම හමුවේදී ආණ්ඩුකාරවරයා අවධානය යොමු කළේය.

එමෙන්ම, පසුගිය කාලය තුළ ආරක්ෂක අංශයන් විසින් ලබා දුන් සහයෝගයන් පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරගනු ලැබීය.