ආණ්ඩුකාරවරයා සහ එම්.ජී.මුතු සමාගම් සමූහයේ සභාපති අතර හමුවක්

දෙදින චෙන්නායි සංචාරයක යෙදී සිටින උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ලොව පුරා හෝටල් පවත්වාගෙන යන එම්.ජී. මුතු සමූහ ව්‍යාපාරයේ සභාපති සහ විධායක අධ්‍යක්ෂ එම්.ජී.එම්. ආනන්ද් මහතා පසුගිය 11  වනදා හමුවිය.

ගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තයේ දීප්තිමත් මෙන්ම සාර්ථක සමාගමක් ලෙස එම්.ජී. මුතු සමූහය හදුන්වා දුන් ආණ්ඩුකාරවරයා උතුරු පළාතේ සංචාරක අංශයේ ආයෝජනය කිරීම සඳහා ද ආරාධනා කළේය.