උතුරු පළාත් ගරු ආණ්ඩුකාර එන්. වේදනායකන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් වොල්කර් ඩර්ක් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස අතර සාකච්ඡාවක් අද (2025.06.25) බදාදා සවස ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී විනාඩි 40 ක් පමණ පැවැත්විණි.
මෙම සාකච්ඡාවට උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේසන් මහත්මිය, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් එම්. නන්තගෝපාලන් මහතා, යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේෂ්වරන් මහතා, කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් මහතා, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ. උමාමගේෂ්වරන් මහතා සහ ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් සහභාගී වූහ. ඒමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී වූහ.
මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පැවසුවේ කොමසාරිස්වරයා නැවත පදිංචි කිරීම සහ ඉඩම් මුදාහැරීම සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව විමසූ බවයි. ජනතාවගේ ඉඩම් මුදාහරින බව රජය ප්‍රකාශ කර ඇත. ඒ අනුව, ඉඩම් පියවරින් පියවරට මුදා හරිනු ලැබේන බව ප්‍රකාශ කෙළ්ය. ඉඩම් තවමත් නිදහස් කළ යුතු බව අපි පෙන්වා දුන්නෙමු. තවද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව මෙහි බලධාරීන්ගේ අනුදැනුමකින් තොරව ඉඩම් අත්පත් කරගෙන ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, ජනතාවගේ වාසස්ථාන සහ කෘෂිකාර්මික ඉඩම් අහිමි වී ඇත. වත්මන් රජය දිස්ත්‍රික් මට්ටමේ කමිටු පිහිටුවා මෙය විසඳීමට පියවර ගනිමින් සිටින බව කොමසාරිස්වරයාට දැනුම් දුන්නෙමි.
ඉඩම් හිමිකම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ගැසට් පත්‍රය පිළිබඳව කොමසාරිස් සහ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා ද මෙම කරුණු සම්බන්ධෙයන් දැනුවත්විය. ඒම යාන්ත්‍රණය නිවැරදි බව දිස්ත්‍රික් ලේකම්වරු කොමසාරිස්වරයාට පෙන්වා දුන් නමුත් ජනතාවට ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.
තවද, කොමසාරිස්වරයා ජනතාවගේ ඉඩම්වල හමුදා පැවැත්ම සහ හමුදාවේ ගොවිතැන් හා වාණිජ කටයුතු පිළිබඳව විමසීය. පෙර කාලයට සාපේක්ෂව එම ක්‍රියාකාරකම් අඩු වී ඇති බවත් තවමත් ගැටළු කිහිපයක් පවතින බවත් මම කොමසාරිස්වරයාට පෙන්වා දුන්නෙමි.
අතුරුදහන් වූවන්ගේ ගැටලුව පිළිබඳව කොමසාරිස්වරයා කනස්සල්ල පළ කළේය. බලපෑමට ලක් වූ ජනතාවට තවමත් විසඳුමක් ලැබී නොමැති බව මම සටහන් කළෙමි. පසුගිය කාලය තුළ පැවැත්වූ රජයන් විසින් හෙලිදැක්වූ වෙනස්කම් මෙම රජය සමඟ නොමැති බවත් එය ප්‍රගතිශීලී බවත් මම කොමසාරිස්වරයාට පැහැදිලි කළෙමි.
මත්ද්‍රව්‍ය භාවිතය සහ ඒ සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිළිබඳවද කොමසාරිස්වරයා ප්‍රශ්න මතු කළේය. මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් තවමත් යාපනයේ ස්ථාපිත කර නොමැති බවත්, කඩිනමින් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බවත් මම කොමසාරිස්වරයාට දැනුම් දුන්නෙමි. එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව ද ඔහු විමසීය.
ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන සරණාගතයින් කෙරෙහිද කොමසාරිස්වරයා අවධානය යොමු කළේය. ඉන්දියාවෙන් ආපසු පැමිණෙන ජනතාවට සුදුසු ආධාර ලබා දිය යුතු බවත්, එසේ කළහොත් පමණක් ඔවුන්ට අඛණ්ඩව මෙහි කැඳවා ගැනීමට හැකි බවත් මම කොමසාරිස්වරයාට පෙන්වා දුන්නෙමි. මා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් උතුරේ පිහිටුවනු ලබන ආයෝජන කලාප පිළිබඳවද ආණ්ඩුකාරවරයා කොමසාරිස්වරයාට ප්‍රකාශ කෙළ්ය.