උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය මෙම අදහස් පළ කළේ අද (2024/07/30) සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය සහ ගරු ආණ්ඩුකර තූමිය ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීය.
උතුරු පළාත් ප්‍රධාන ලේකම් එල්.ඉලංගෝවන්, යාපනය වැඩබලන ආණ්ඩුකාර එම්.ප්‍රදීපන්, ආණ්ඩුකාරවරයාගේ සහකාර ලේකම්, සමෘද්ධි කොමසාරිස් ජනරාල් සහ යාපනය දිස්ත්‍රික්කයේ සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු විශාල පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.
කුඩා ව්‍යාපාරවල නියැලෙන්නන් සඳහා ව්‍යාපාර ලියාපදිංචි කිරීමේදී මතුවන ගැටලු පිළිබඳව සාකච්ඡා කෙරිණි. ව්‍යාපාර ලියාපදිංචිය ප්‍රමාදයකින් තොරව කරගෙන යාමට හොඳම ක්‍රමය විද්‍යුත් තාක්ෂණය භාවිතය මගහව්යාපාර ලියාපදිංචි කිරීමේ ක්‍රමය හඳුන්වාදීම බව පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය හැකි ඉක්මනින් උතුරු පළාතේ එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට කටයුතු කරන බවද පැවසීය. රාජ්‍ය සේවා කටයුතු ඩිජිටල්කරණය කිරීම අවශ්‍ය බව ද ඇය පැවසීය. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් පොදු සේවාවන් වෙත ප්‍රවේශ විය හැකි පරිදි ගොඩනැගිලි ඉදිකරන ලෙසත් ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසන ලෙසත් ගරු ආණ්ඩුකාර තුමිය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය මෙම ඉල්ලීම පිළිගත් රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතා පැවසුවේ ප්‍රවාහනය සඳහා බස් රථ ලබා ගැනීමට උත්සාහ කරන බවයි. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි ගොඩනැගිලි ඉදිකර නොදෙන රාජ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු පැවසීය.
විදේශගතව සිටින දරුවන්ගේ දෙමාපියන්ට ඇස්වැසුම දීමනාව ලබා ගැනීමට ඇති බාධා පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කෙරුණි. එහි ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගරු අනුප පැස්කුවල් මහතා පැවසීය.