ඇසේ සුද ඉවත්කොට නොමිළේ කාච දැමීමේ දෙවන පියවර වව්නියාවේදී අරඹයි.

මිනිසාගේ ක්‍රියාකාරකම් උදෙසා අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් ලෙස දෑස් ප්‍රධාන තැනක් ගනියි. කෙනෙකුගේ ඇස් දෙක පූර්ණ හෝ අර්ධ වශයෙන් අන්ධභාවයට පත් වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ක්‍රියාකාරකම් හා දිවිපැවැත්ම උදෙසා මහත් බලපෑමක් සිදුවෙයි. අප රටේ බොහෝ පිරිසකගේ ඇස්  සුද වැසී පෙනීම  දුර්වලතාවයට පත්ව තිබෙන්නේ වයස අවුරුදු 40 ඉක්මවීමෙන් පසුවයි.
ආර්ථික තත්වය ඉහල මට්ටමක තිබෙන පිරිස් වියහියදම් කර තමන්ගේ ඇස්වල සුද ඉවත්කර ඒ් සඳහා උචිත කාච බද්ද කරගත්තද උතුරු පලාත තුල ජීවත්වන බොහෝ ග්‍රාමීය ජනතාවට ඒම අවස්ථාව ගිලිහී ගොස් තිබේ. සිය ආර්ථික දරිද්‍රතාවය මත පෞද්ගලිකව වියහියදම්කර ඇස්වල පෙනීම යථා තත්වයට පත්කරගැනීමේ හැකියාවක් සඳහා යොමුවිය නොහැකි මෙම ජනතාවගේ මානූෂීය අවශ්‍යතාවයන් පිළිබඳ සැලකූ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම් චාල්ස් මහත්මිය ඒ් සඳහා සෘජුව මැදිහත් වී රාජ්‍ය නොවන සංවිධාන හා ආයතන කිහිපයක ධන පරිත්‍යාගයෙන් නොමිලේ ඇස්වල සුද ඉවත්කොට කාච දැමීමේ මා හැඟි විපුල සත්කාරයක් ආරම්භ කර තිබේ.
ඒ් අනුව යාපනය ,මන්නාරම, කිලනොච්චිය, මුලතිව් හා වව්නියාව යන උතුරු පලාතට අයත් දිස්ත්‍රීක්කවල මෙන්ම වැලිඔය හොරෝවපතාන ,කැබිතිගොල්ලෑව , මැදවච්චිය ආදි අනුරාධපුර දිස්ත්‍රීක්කයට අයත් උතුරු පලාතට ආසන්න ප්‍රදේශවල ජනතාවගේද ඇස්වල සුද ඉවත්කොට කාච දැමීමේ වැඩසටහන මීට සති කිහිපයකට පෙර යාපනය ශික්ෂණ රෝහලේදී ආරම්භ වූවේ උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
ඒහිදී සිංහල දෙමළ හා මුස්ලිම් දහසකට අධික පිරිසකගේ ඇස්වල සුද ඉවත්කොට නොමිලේ කාච බද්ද කල අතර ඒම ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආදි සෙසු පහසුකම්ද ලබාදීම විශේෂත්වයකි.
මේම වැඩසටහනේ දෙවන අදියර ලෙසින් වව්නියාව මහරෝහලේදී මේ දිනවල අදාල සැත්කම් වැඩසටහන සිදුවෙයි. වව්නියාව මහරෝහලේදීද දහසකට අධික පිරිසකගේ ඇස්වල සුද ඉවත්කොට අදාල කාච බද්ද කිරීමට අපෙක්ෂිතයි.
උතුරු පලාත් ගරු ආණ්ඩුකාර තුමියගේ මැදිහත් වීමෙන් ඉන්දියාවේ සිට පැමිණි අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙක් වව්නියාව මහාරෝහලේදී දින 6 ක් පුරා මෙම සැත්කම් සිදුකරනු ලබයි. ආරක්ෂක අංශ විසින්ද මෙම වැඩසටහනට පූර්ණ සහය ලබාදෙන අතර සෞඛ්‍ය අමාත්‍යංශයද මෙම මෙහෙවරට ඇස්වැසිල්ලක් සපයයි.
දිළිඳු ජනතාවගේ මානුෂීය අවශ්‍යතාවයන් සැලකිල්ලට ගෙන මෙවැනි ජාතික මෙහෙවරක් සිදුකිරීම පිළිබඳව සැත්කම සාර්ථකව නිමවීමෙන් පසුව අදහස් දැක්වූ ජනතාව උතුරු පලාත් ආණ්ඩුකාර තුමියට ඇතුලු සම්පත් දායකයින්ට සිය ගෞරවනීය ප්‍රණාමය පුදකර සිටියහ.