යාපනය මහ නගර සභාව මගින් පරිසර පිරිසිදු කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (2024/05/17) ගුරුනගර් ප්‍රදේශයේදී පැවැත්විණි.
ගරු උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්. එම්. චාල්ස් මහත්මිය උතුරු පළාත් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, යාපනය නාගරික කොමසාරිස් ඇතුළු විශාල පිරිසක් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගි වූහ.
ගුරුනගර් වෙරළ තීරයේ අද ආරම්භ කළ මෙම වැඩසටහන මුළු යාපනය දිස්ත්‍රික්කයේම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. නිවෙස්වල අපද්‍රව්‍ය පිටත පරිසරයට දැමීම වැළැක්වීම සඳහා ඒවා වර්ග කර එකතු කිරීමට පියවර ගෙන ඇත.
ඉන් අනතුරුව ගරු ආණ්ඩුකාර තුමිය යාපනය ශික්ෂණ රෝහල ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ රුක් රෝපණ වැඩසටහනට ද සහභාගී විය.