බිම් බෝම්බ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් 2024/04/06 දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී විශේෂ උත්සවයක් සහ ක්‍රිකට් තරගයක් සංවිධානය කෙරුණි.
ගරු අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්ද සමඟින් උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත් මියද මෙම අවස්ථාවට එක් විය.
මෙහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය ප්‍රකාශ කලේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කරන විට ශ්‍රී ලංකාව බිම්බෝම්බ ඉවත් කරන රටක් ලෙස ප්‍රකාශයට පත් කළ හැක්කේ 2030 වසරෙන් පසුව පමණක් බවට ස්ථාවරයක් තිබූ බවත්, කෙසේ වෙතත් මේ වසර අවසන් වන විට බිම් බෝම්බ ඉවත් කර එම ඉඩම් මුල් අයිතිකරුවන්ට භාර දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ගරු ආණ්ඩුකාරතුමිය පැවසීය.
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල නිරතව සිටින ජාත්‍යන්තර සංවිධානවලට සහ ශ්‍රී ලංකා යුද හමුදාවට සිය කෘතඥතාව පළ කළ ගරු ආණ්ඩුකාරතුමිය යළි පදිංචි කිරීම් ඇතුළු බොහෝ කටයුතුවලට බිම්බෝම්බ ඉවත් නොකිරීම විශාල අභියෝගයක් ලෙස පෙනෙන බවද පැවසීය.
පූනකර සහ මුහාමාලෙයි ප්‍රදේශවල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවත් සිදුකිරීමට ඇති බවත් මෙහෙයුම්වල නිරතවන්නන් තම ජීවිතය පරදුවට තබමින් කරන සේවය වෙනුවෙන් තම කෘතඥතාව පළ කරන බවත් ඇය පැවසුවාය.ගරු ආණ්ඩුකාරතුමිය යළි පදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමට බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වූවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය පෙන්වා දුන්නාය.
එමෙන්ම බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා කාන්තාවන් ද ඇතුළත් කළ රට වීමේ අභිමානය ද ශ්‍රී ලංකාවට හිමි වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම කාන්තාවන් විසින් වව්නියාවෙන් ආරම්භ කළ බව සිහිපත් කළ ගරු ආණ්ඩුකාරතුමිය මෙම මෙහෙයුම්වලට සම්බන්ධ වූ කාන්තාවන්ට සිය විශේෂ ස්තුතිය හා ප්‍රසාදය පළකොට සිටියාය. තමන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් ධූරය දැරූ කාලයේ අවතැන් වූ ලක්ෂ තුනක් වූ ජනතාව කඩිනමින් යලි මුල් ගම්බිම් වල යලි පදිංචි කරවීමට හැකි වීම පිළිබඳව තමන් සතුටට පත් වන බව පැවසූ ගරු ආණ්ඩුකාර තුමිය උතුරු පළාතේ අවතැන් වූවන් යලි පදිංචි කිරීම ද මේ වසරේ අවසන් කරන බවත් මෙහිදී පැවසීය.