උතුරු පළාත් ආණ්ඩුකාරවර ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමාගේ අලූත් අවුරුදු සුභ පැතුම් පණිවුඩය

අතීතයේ පටන් සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද අප රටේ සියලූ ජාතීන් විසින් සහෝදරත්වයෙන් සමරන ලද්දකි. මෙම උත්සවය ඉතාමත් වැදගත් වන්නේ ජාතීන් අතර විවිධත්වයෙහි එකමුතුභාවය විදහාපාන එකම උත්සවය බැවිනි. සාමය සමඟිය සහ එකමුතුභාවය මූලික කොටගත් අලූත් අවුරුද්දේදී ජනතාව තම වාදභේද පසෙකලා අනාගතය සඳහා නැවුම් බලාපොරොත්තු ඇති කර ගනිතිි.

අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිඳුන්ගේ ම`ග පෙන්වීම යටතේ උතුර හා දකුණ අතර සහජීවනය ඇති කරන උත්සාහයේදී සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වාදභේද අතහැර නැවුම් බලාපොරොත්තු ඇති කර ගැන්මට අවස්ථාව ලබා දෙයි. උතුරේත් දකුණේත් එකම සුභ වේලාවකට සියලූ සුභ කටයුතු සිදු කරන මෙවැනි උත්සවයක් ලෝකයේ අන් කිසිදු රටක නොමැත.

අපගේ මුතුන් මිත්තන් අපට උරුම කර දුන් අපගේ සංස්කෘතික උරුමයන්හි වටිනාකම අපට මතක් කර දෙන මෙවැනි උතුම් උත්සවයක ඇති වටිනාකම අපගේ අනාගත පරම්පරාවටද කියා දීමට මෙය අවස්ථාවක් කර ගනිමු.

පාරම්පරික සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් එකම සිතුම් පැතුම් ඇති එකම ශ‍්‍රී ලාංකීය ජාතියක් ලෙස සමරන්නාවු සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද සැමටම සාමයෙන් සහ සෞභාගයෙන් පිරි වාසනාවන්ත ප‍්‍රීතිමත් අලූත් අවරුද්දක් වේවායි මම ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි.

සුභ අ`ඵත් අවුරුද්දක් වේවා!

Please follow and like us:
0